31.1.11

නෙත් පැතුව ඔය රුව ළගම හිනහුනා

ත් පාට රහසින් 
සිතේ පායලා
සිත් දෑල අහසේ 
සිතුම් එලිවුනා
මල් පාට පැතුමන් 
හෙමින් ගුලිවෙලා
නෙත් පැතුව ඔය රුව 
ළගම හිනහුනා

රළ ගේන සිඳු රජ 
නොසන්සුන් වෙලා
ළා පාට හිරු රැස් 
හෙමින් දඟ කලා
සිත ගාව නැවතී
හෙමින් මුමුණනා
මා පැතු ඔය හඩ 
සවන් සැනසුවා

පබලු

ප/ලි

ජිවිතේ අමතක නොවෙන දවසක් වෙනුවෙන් 31/01/2011
ප/ලි
මහා බස් බ්ලොග් සතියේ අවසාන දිනය 

30.1.11

පියාඹන දිනක් වෙනුවෙන්


මටත් ආසයි පියාඹන්න
අහස පුරාම.....
මටත් ආසයි
නොදැකපු දෙවල් දකින්න
නොවිදපු දෙවල් විදින්න

දවසක මම නිදහස් වෙනවා
ඒත් ඒ වෙනකොට
කාලය .............??
මටත් වඩා වේගෙන් පියඹලා තියේවි

එදාටත් ඉතුරු වෙන්නේ
පසු තැවිල්ලක්
දුකක් වුනොත්....?

මුලු ජීවිතේටම
මම නිදහසේ
සැහල්ලුවෙන් හිටපු
එකම එක දවසක් වත්
නැති වේවි..... 

පබලු

මහා බස් බ්ලොග් සතියේ හත්වන දිනය

29.1.11

වඩිනු මැන කුමරුනේ

වසන්තය අරන් දෝතින්
වඩිනු මැන කුමරුනේ
අහස් ඉම පුරා අපි 
අදිමු සිතුවිලි ඔහේ.......

උදේ හිරු මල සිනා අරගෙන 
වඩිනු ඇත හෙට දිනේ 
ඒ සිනා කැන් මුව පුරා පිරි
හැඟුම් පුබුදනු ඇත සිතේ.....

බලාපොරොත්තුව වෙලා නුඹ විත් 
සිත පුරා නැවතී මෙසේ 
මට හොරා මගේ හිත හිනා වුන 
යුරු  කියන්නම්  හෙට දිනේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ හයවන දිනය

28.1.11

තනිකමට හුරු හිතක

මල් සිඹින මද පවන 
සේ මහද සිඹලා
තරු පිපුනු රැ අදුරේ 
මම සිටියේ මඟ බලලා

පිනි බිංදු රැ අදුරේ 
මල් මතට වැටිලා
නෙත් කඳුළු නෙත් කෙවෙනි 
බොඳ කරලා නුඹ මැකිලා

පැතුමකට ඉඩ දීලා 
මගේ සුසුම් හද පිරිලා 
තනිකමට හුරු හිතක 
හසරැලිත් දැන් නැතුවා

පබලු

මහා බස් බ්ලොග් සතියේ පස් වන දිනය

27.1.11

මටත් නොදැනි දුර ඈතක


අහස් කෙළවර පිපිනු කුසුමක්
ඉල්ලලා  ඇඩුවට
දෙන්න බැරි බව දන්නවා 
අම්මේ......

දිය පොදක් කියාගෙන
මිරිගු දිය දිගේ මගේ හිත
යන බවක් දැනෙනවා
මට අම්මේ......

මම හොයන මගේ ජීවිතේ
කවදාවත්ම නොලැබෙන බවක්
දැනෙනවා මගේ අම්මේ.....

එහෙම වෙලාවට මුලු හිතම 
කීරි ගැහෙනව මගේ අම්මේ..

අපරිමාන අහස පුරා පියාඹන්න 
හිත කියනවා අම්මේ.....

අහසේ තැනක තනිවේවිද 
බය හිතෙනවා අම්මේ.....

මගේ දෝතින් හරි හයියෙන් 
අල්ලගන්න අම්මේ......

මටත් නොදැනි දුර ඈතක 
පාව යයිද මම අම්මේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ  හතරවන දිනය 

ප /ලි
හුඟා කාලෙකට කලින් ලියවුනු වචන ටිකක්.බ්ලොග් එකට දාන්න හිතාගෙන හිටියේ නෑ.ඒත් ඉතින් අද දැම්මා.මේ දවස් වල කවි සිතුවිලි පහල වෙන්නේ නැ.බ්ලොග් සතිය අතාරින්නත් බැරි නිසා පෝස්ට් එක දැම්මේ..

26.1.11

කල පව් බොහෝමයි


හසරැලි අරගෙන එන 
පෙරමග
රැදෙන්නට වරම්
සිත ලඟ දගකල 
සිහිනය යළි 
පිපෙන්නට වරම්
නොතිබුනු යුගයක 
ඔබ මා 
හමුවන්න තරම්
කල පව් බොහෝමයි 
පෙර භවයක 
අප කරපු තරම්....

පබලු

මහා බස් බ්ලොග් සතියේ තෙවන දිනය.

25.1.11

තාම මග බලනවා



ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

දිනක නුඹ එයි කියා

හද සිනා සලනවා...


නෙත් මඩල හඩවලා

හීනයක් බිදෙනවා

ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

තාම මම මග බලනවා...


පබලු

මහා බස් බ්ලොග් සතියේ දෙවන දිනය වෙනුවෙන් 


24.1.11

නුඹ


සැදෑ හිත් අහසට පැයු
සොළොස් කලාපිරි පුරා හඳ
වියළි සිත් කතරට ගැලු
සුනිල දිය දහර නුඹ

නෙතට නිදි නැති රැ දිවා
හිත ලඟම සක්මන් කලා
ළය පුරා ස්නේහයේ රස
තියා හිත ලඟ නැවතුනා
  
පබලු

මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලදි.

11.1.11

බැඳුනු පෙම කළලයකි


රුවා එක්ටැම් ගෙයක
 සිර කොට 
තබා චිත්‍රා කුමරි
 පෙර දින 
බොහෝ රැකවල් දමා
 ඈ ලඟ 
මාමවරු රැක්කාලු
 නෙත් ලෙස....

දිනක ගාමිණියන්ගේ 
නෙතු යුග 
වැහුනු දොරගුලු හෙමින් 
හරින විට 
තිබු රැකවල් කුමට 
කුමරිට 
බැඳුනු පෙම කළලයකි 
ඈ කුස ....


පබලු

7.1.11

නුබ නමට පිදු මල්

හන්තාන සිසාරා 
මගෙ පෙම විහිදුවා 
නුබ නමට පිදු මල්
පුදසුනෙම පර වුනා

සදක් නැති සැදැල්ලේ 
සැනසීම දුර තියා
නුබ ඔහුට පෙම පුදා 
නැගණි වී මා සැනසුවා

පිහදන්න කදුලු තව 
මගේ නෙතේ නැති නිසා 
සැනසෙන්න මා නැගණි 
ඔහු සමග හිනහිලා

පබලු

4.1.11

අම්මා


තරු කැට දිලෙනා මැදියම 
පුරා හඳයි අම්මා
සිත සුව කර සෙත සෑදු 
සෙත් කවියයි අම්මා
සමාධි බුදු රුව තුල දිසි 
කරුණාවයි අම්මා
මල් පුද ලද කිරි බැබලෙන 
කිරි වෙහෙරයි අම්මා

මල් අතුරපු යහනාවක 
මා නිදි කර අම්මා
සුරසැප මගේ ලොව පාමුල 
රදවා නිති අම්මා
සෙනහස නොඅඩුව බෙදනා 
උල්පත නුඹ අම්මා
බුදුරදු දෙසු සිව්බඹ විහරණයයි 
නුඹ අම්මා


පබලු

1.1.11

කාලය පියඹලා ( New Year 2011 )

තුඩින් ගත් සිනහා මල් 
දස අතම විහිදලා
කාලයේ කුරුල්ලා 
ඉගිල යයි තටු සලා.....

එක දිනක් ගෙවෙන විට
තව දිනක් පායලා
දුක සතුට නෙත් අතර 
රැදෙයි වෙනසක් වෙලා ....

උදා වුනු නව වසරේ 
සතුට මුව රැදෙවෙනා 
නැවුම් පැතුමන් ගෙනෙන 
ආසිරි මල්ය මේ දිලිහෙනා......

ඔබ සැමට ලැබුවා වු 2011 සාමය සතුට පිරි නව වසරක් වේවා!!

පබලු