11.11.11

මතකයෙන් දුර නොයනා දිනක් ....11/11/11


එකින් එක එකතු වෙන
සොදුරු සැමරුම් අතර
කිසිම දින කිසිම විට
මතකයෙන් දුර නොයනා දිනක් ....

සිහින අතරේ රැදුනු දහසක්
සිහිනවල
සැබැවුන එක හීනයක් ....

දහසකුත් තව නැවුම් පැතුමන්
එකතු කරමින් මහමෙරක්
නුඹේ දෙනෙතට එබී උන්නෙමි
දයාබර නුඹ මගෙ කරන් ....

පබලු



30.10.11

පුන්චි පැටියෙක් එයි ලගදිම


පැතුම් ඇහිදින්න නිමිත්ත
තියා හදවත පුරා
පුන්චි පැටියෙක් ඇවිත් කුස තුල
දගකරයි නිති මව් මුව සිනා තියා

බටිච්චනි දැන් දැන් ඉතින්
අලුත් කවි පද රස තියා
ගයන්නට වයන්නට ඉගන ගනු යස
පුන්චි පැටියෙක් එයි ලගදිම අප සොයා

පබලූ

10.10.11

10/10/10




පියාපත් ඇවිත් සිතුවිලි
 ඔහේ පාවුනා
පාට පිරුනු හීනය ලඟ 
ඉබේ නැවතුනා
වහින මල් පැතුම් වැස්සේ 
වැතිර සැනසුනා
සුපුන්  සඳ ඇවිත් අහසේ 
දිලී හිනහුනා

පබලු

22.9.11

මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?


විසල් මැදුරක 
පිපුනු මල් පොඩි 
තියා නොකියාම නික්මී...
සොහොන් කොත මුල
නිදා සිටි නුඹ 
නෙතග කඳුලක් නොනික්මි...
මතක මල් පොඩි 
සුවද දෙන සඳ 
අපේ හදවත් තුළ වැදී ....
මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?
කියන් විත් සිහිනෙක වෙලී...

පබලු

27.8.11

පුදන්නම් මුලු ජීවිතයම




දැනේ නම් දිනක 
මාසිත ඉපිදි ප්‍රේමය
මෙතැකැයි කියා....
හැගේ නම් නුඹට 
මම නුඹේමයි කියා...
කියයි නම් සිතට 
සැනසුම මම කියා....
පුදන්නම් මුලු ජීවිතයම
මම නුඹේම යයි කියා....

පබලු

17.8.11

මතක සමනල් රැනක්



මතක සමනල් රැනක් ඔහේ ඉගිලුනා
මගේ හිත් උයනේ සුවද මල් අතරේ
මතක සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


දඟකාර මගේ හීනයේ රැදිලා
හැඩකාර නුඹ මා සිතේ ඇදුනා
පෙර දාක දුටු ඒ සිහිනයේ එතිලා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


පින්සාර පැතුමක් කැකුලකින් මිදිලා
මල අතර සරණා සරින් ඇහරීලා
අරවින්ද මල් මත හෙමින් අඩි තියා
දුර ගමන් ආ බැව් මහද කළඹලා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


පබලු


23.7.11

එන්න ඔබ...


එන්න ඔබ
මගේ ළමැද සැතපෙන්න
ඒ උණුහුම පතුලේ
මම ආසයි සැගවෙන්න

එන්න ඔබ
මම තදින් සිපගන්න
ඒ තොල් පෙති අතර
මම ආසයි දැවටෙන්න

එන්න ඔබ
මා හද විල කලඹවන්න
මේ සරතැස නිවා
මම ආසයි ඔබේ වෙන්න

පබලු

19.7.11

දේවී.....


මල් කෙමි සිඹින 
සඳ මත වැඩ සිටි සාවි.....
දැකගනු කැමති ඈ මා 
පෙම් කළ දේවී.....
තරු මල් සිඹින නෙතු 
අග්ගිස්සෙන් බේරී......
නුඹ වෙත බැඳුනු සිත බබලයි 
තාමත් පේවි.....

පබලු

21.6.11

කියන් නුඹ, කෝ කොහිද..?


සමන් මල් පියළි මත ඇවිදයමි සිහිනයෙන් 
දුරින් හිද සිනාසෙන නුඹ සිටි ස්නේහයෙන් 
අතපොවනු බැරි දුරක බොඳව යන සිතුවමින්
කියන් නුඹ, කෝ කොහිද..?
පිසලන්න මේ,
වැටෙන පිනි නෙතු අගින්..... 

දසන්තය පුරාවට හමා යන සිසිලසින් 
නුඹේ මතක මා මනස රැදෙයි එක සුසුමකින් 
ඇයිද නුඹ දුර ගිහින් සිහිනයක් විලසකින් 
කියන් නුඹ, කෝ කොහිද..?
සනසන්න මේ,
සිත එක වදනකින්.....

එකම කවියක නොලියු පදයක 
ගෙතුනු සිතුවිල්ලක් ලෙසින්..... 
හිස් වු හිත මත පතිත විය නුඹ 
පහන් තරු එළියක් ලෙසින්......
බිද දමා නුඹ ගියත් මේ ලෙස
නොදල තව පැතුමක් ලෙසින්.....
හිස් වු හිත ගෙන බලා ඉමි තව 
එන තුරා අරුණක් ලෙසින්.....

පබලු

2.6.11

අයදිමි නුඹ ව ලෝකය හමුවේ නිබද


සැනසුම අරන් නුඹ ආව දිනක එදා
එදවස පටන් මගේ හදවත එකළු වුනා
ගෙවු හැමදිනම ළග නැතුවත් ගතින් මෙමා   
සිටියා නුඹ ලගම සිනහව සිතෙහි දරා

පිපි පියුමකට වැඩියෙන් සුවදයි සබද  
නිතරම පතන නුඹ මගේමයි මගේ සබද 
පෑයු පුර හදට වැඩියෙන් නුඹ එලියයි සබද 
අයදිමි නුඹ ව ලෝකය හමුවේ නිබද 

පබලු

22.5.11

නිමක් නැති සංසාරේ


නිමක් නැති සංසාරේ
ඇවිදගෙන ඇවිදගෙන විත්
නැවතුනු මේ නවාතැන් පළය
බුදුන් වැඩි දේශයේ....

දෙමවුපිය සොයුරු සොහොයුරු
මේ සසරේ මඟ දමා
හිමි වියෝ දුක් දරා
මහා සයුරටත් වැඩිය
කඳුලු ගංගා හෙලා.......

පැමිණ ඇත අලුත් සබඳකම් මැදින්
නිමක් නැති සංසාරේ
නවතැන් පල සොයා.......

පබලු


බලපොරොත්තු නොවුන වෙලාවක අප අතරින් වියෝ වූ හිතාදර මිතුර 
දිලුම් දිසානයක අපි කවුරුත් දන්න ඉලංදාරියා ,ඉලං 
ඔබ ඉපදෙන කිසිම භවයක මේ වගේ 
අකල් මරණයකට ගොදුරු නොවේවා!!!.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය  අවබෝධ වේවා!!! කියලා ප්‍රාර්තනා කරනවා ...

7.5.11

එකෝමත් එක කුමාරයෙක්



ආත්මය  පුරා සැරිසරන
අකුරු එකින් එක දිග හැරී
ලියවුනා එක කතාවක්....,
බලිකුරුටු අතරින්
-----විශ්වාසයේ එක කතාවක්-----

සුරලියන් ගෙතු රටා අතරින්
සැන්දෑ අහසේ.....
එකෝමත් එක කුමාරයෙක්,
වැඩියා....
ප්‍රේමයේ විල් පතුල කලඹා 
----රහසින්----

පබලු

2010-05-07 සඳ උගුල්ලා අහසින් 
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව සෘතුවක් සේ
කවුරුත් නොගැයූ
ආදරයේ මිහිරිම ගීය ගයන්නම්

18.4.11

පිපෙන සියපත් කුසුම් අතරේ


වෑස්සෙන සඳ එළිය අතරේ.....
දෝරේ ගලා ගිය සෙනෙහෙ සයුරේ.....
රැදී ඉන්නට ඔය පපුව තුරුලේ.....
ඉඩක් දෙනවද සිහින මැදුරේ.....

නිමක් නැති මගේ පැතුම් අතරේ.....
ලැගුම් ගෙන ඔබ මටත් රහසේ.....
පිපෙන සියපත් කුසුම් අතරේ.....
රැදෙනු මැන මේ සිහින විල් තෙරේ.....

පබලු

14.4.11

පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ


පෙර දිනක මා මනස ඇදි කවියක්ය ඔබ
පෙර දිනක මා මනස ඇදි සිතුවමකි ඔබ
පෙර දිනක මා මනස රැදි හැඟුමක්ය ඔබ
පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ

තරු කිනිති නිදි වරන සඳැති රැයක ඔබ
මට නොදැනි මගේ ලඟම දැවටෙන්නේ ඔබ
මගේ මුලු හිතම එලිය කරමින් ඔබ
එහේ මෙහේ සැරිසරයි මටත් රහසේම ඔබ

යම් දිනක මගේ නෙත් කෙවෙනි යට ඔබ
හිත හඩයි හිදී යයි කඳුලක් වි ඔබ
දුර නොයා දැවෙටෙමින් මගේ සිතිවිලි අතර ඔබ
නැවතුනේ ඇයි මටත් නොදැනීම සබඳ ඔබ

පබලු

7.4.11

ආසයි මගේ නෙත් හෙමින් පියන්නට


හාදු වැස්සක තෙමෙන්නට
ආසයි මට නුඹ පපුතුරෙ නිදන්නට
සිතින් දොඩමලු වෙන්න ට
ආසයි මට නුබ නෙතට එබිකම් කරන්නට

අනන්ත හැගුමන් ළය පූදින විට
ආසයි නුඹ දෙස බලා සිටින්නට 
නුඹේ දෙතොල් පෙති නළල සිඹින විට
ආසයි මගේ නෙත් හෙමින් පියන්නට

නිදිවරන සිත ලඟ නුඹ ඇවිත් මුමුණන
ආදරයේ ගීය හැබැවට අහන්නට
ඒ හීනයේ වෙලී මම, නුඹ
ආසයි මට දුර ගමනක් යන්නට

පබලු

2.4.11

සිහින තුලම මිය යන්න හිතයි


අහසට තරු වඩින පැයක..
බලන් ඉන්න හිත ලෝබයි..
ඒ තරු ගෙන එන හීනෙක..
නැවතී මිය යන්න හිතයි..

මිලිනව ගිය තරු අහුරක
අදුරු මතක හිත පාරයි....
කඳුලු කැටිති නෙත් පිරෙනා
සඟවා හිනහෙන්න හිතයි..

පබලු

23.3.11

තරු කැට පිරිවරා - සඳ ඇත හිනහිලා

මීදුම් සලු වියා
ඒ සලු පිළි දරා
නෙත් මානෙන් 
දෙව්ලිය පියමං වුනා.....

තරු කැට පිරිවරා
සඳ ඇත හිනහිලා
සිත් මානෙට සැනෙකින් විත්
ඈ මා සැනසුවා.....

නිල්මිනි පරදනා
නෙතු කැට නම් මනා
විසිතුරු පෙම් නුරා හැඟුම්
සිත ලඟ දගකලා.....

පබලු

26.2.11

හීන් අදුර වැටුන පැයක

හීන් හිනාවක් අරගෙන
හීන් සැරේ මගේ කුටියට
හීන් අදුර වැටුන පැයක
නුඹ ආවා....

සාද රන් තොරන් නැතුවට
බාද කලත් උනුන් අපට
වාද නොකර නුඹත් එක්ක
මම ආවා...

පබලු

15.2.11

සිත ලඟ රැදුනේ පුරා හඳක් සේ


වසන්තයේ පිපි මල් සුවදක් සේ
දසන්තයේ දිළි හිරු කිරනක් සේ
පෙරුමන් පුරමින් අනන්තයක් සේ
හිත ලඟ නැවතුනේ පිණි බිදුවක් සේ

වළාකුලක සුදු පුලුන් රොදක් සේ
දේවදුන්නේ රැදි පාට පෙළක් සේ
නුඹේ අතින් බැදි පෙම් කවියක් සේ
සිත ලඟ රැදුනේ පුරා හඳක් සේ

පබලු

2.2.11

මිතුදමේ සවිය - ඉලංදාරියා වෙනුවෙන්

ඔහු,,

තටු සලා ඉගිලෙන කුරුල්ලෝ මට
නුඹව හොද හැටි පේනවා..... 
බෝවිටියා මල් පදුරේ වහලා
මොනවදෝ නුඹ කියනවා .....
නෑසෙනා මං ඇස් පියාගෙන 
නුඹේ කිචි බිචි විදිනවා.....

උපන් දා සිට සවන් නැති වී 
උන්නා නම් හිත කියනවා .....
ඇසුනු මට නෑ සෙනා විටදි නම් 
කඳුලු ඇස් වල පිරෙනවා.....

අපි,,
නුඹේ ඇස් වල පිරෙන කඳුලැලි
අපේ කම්මුල් තෙමනවා .....
ඒ කඳුලු අග අපේ මිතුදමේ 
සවිය තවමත් තියනවා.....
කරන්නට ඇති හැමදේම මිතු
නුඹ නමින් අපි කරනවා .....
සවන් ලද දා නුඹේ සිනා හඩ 
නුඹ එක්ක අපි අසනවා.....

පබලු

ප /ලි

මෙහි ඔහු යනු ඔහුය...
එකම එක පෝස්ට් එකක් දාලා තාවකාලිකව හිත සනසන එකට වඩා සදාකාලිකවම ඔහුව සනසන්න, දුකට තෙමෙන ඇස් සතුටට තෙමන්න අපි හැමෝම ඉලංදාරියා වෙනුවෙන් එකතු වෙමු.

ඒ වෙනුවෙන් 
D.M.D.T.B. දිසානායක
ලංකා බෑංකුව මාතලේ 
බැංකු ගිනුම් අංක 71408612 ට ඔබේ මිනිසත් බව බැර කරන්න.

වැඩි විස්තර 
0772332071 / 0718050116  අමතන්න 




31.1.11

නෙත් පැතුව ඔය රුව ළගම හිනහුනා

ත් පාට රහසින් 
සිතේ පායලා
සිත් දෑල අහසේ 
සිතුම් එලිවුනා
මල් පාට පැතුමන් 
හෙමින් ගුලිවෙලා
නෙත් පැතුව ඔය රුව 
ළගම හිනහුනා

රළ ගේන සිඳු රජ 
නොසන්සුන් වෙලා
ළා පාට හිරු රැස් 
හෙමින් දඟ කලා
සිත ගාව නැවතී
හෙමින් මුමුණනා
මා පැතු ඔය හඩ 
සවන් සැනසුවා

පබලු

ප/ලි

ජිවිතේ අමතක නොවෙන දවසක් වෙනුවෙන් 31/01/2011
ප/ලි
මහා බස් බ්ලොග් සතියේ අවසාන දිනය 

30.1.11

පියාඹන දිනක් වෙනුවෙන්


මටත් ආසයි පියාඹන්න
අහස පුරාම.....
මටත් ආසයි
නොදැකපු දෙවල් දකින්න
නොවිදපු දෙවල් විදින්න

දවසක මම නිදහස් වෙනවා
ඒත් ඒ වෙනකොට
කාලය .............??
මටත් වඩා වේගෙන් පියඹලා තියේවි

එදාටත් ඉතුරු වෙන්නේ
පසු තැවිල්ලක්
දුකක් වුනොත්....?

මුලු ජීවිතේටම
මම නිදහසේ
සැහල්ලුවෙන් හිටපු
එකම එක දවසක් වත්
නැති වේවි..... 

පබලු

මහා බස් බ්ලොග් සතියේ හත්වන දිනය

29.1.11

වඩිනු මැන කුමරුනේ

වසන්තය අරන් දෝතින්
වඩිනු මැන කුමරුනේ
අහස් ඉම පුරා අපි 
අදිමු සිතුවිලි ඔහේ.......

උදේ හිරු මල සිනා අරගෙන 
වඩිනු ඇත හෙට දිනේ 
ඒ සිනා කැන් මුව පුරා පිරි
හැඟුම් පුබුදනු ඇත සිතේ.....

බලාපොරොත්තුව වෙලා නුඹ විත් 
සිත පුරා නැවතී මෙසේ 
මට හොරා මගේ හිත හිනා වුන 
යුරු  කියන්නම්  හෙට දිනේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ හයවන දිනය

28.1.11

තනිකමට හුරු හිතක

මල් සිඹින මද පවන 
සේ මහද සිඹලා
තරු පිපුනු රැ අදුරේ 
මම සිටියේ මඟ බලලා

පිනි බිංදු රැ අදුරේ 
මල් මතට වැටිලා
නෙත් කඳුළු නෙත් කෙවෙනි 
බොඳ කරලා නුඹ මැකිලා

පැතුමකට ඉඩ දීලා 
මගේ සුසුම් හද පිරිලා 
තනිකමට හුරු හිතක 
හසරැලිත් දැන් නැතුවා

පබලු

මහා බස් බ්ලොග් සතියේ පස් වන දිනය

27.1.11

මටත් නොදැනි දුර ඈතක


අහස් කෙළවර පිපිනු කුසුමක්
ඉල්ලලා  ඇඩුවට
දෙන්න බැරි බව දන්නවා 
අම්මේ......

දිය පොදක් කියාගෙන
මිරිගු දිය දිගේ මගේ හිත
යන බවක් දැනෙනවා
මට අම්මේ......

මම හොයන මගේ ජීවිතේ
කවදාවත්ම නොලැබෙන බවක්
දැනෙනවා මගේ අම්මේ.....

එහෙම වෙලාවට මුලු හිතම 
කීරි ගැහෙනව මගේ අම්මේ..

අපරිමාන අහස පුරා පියාඹන්න 
හිත කියනවා අම්මේ.....

අහසේ තැනක තනිවේවිද 
බය හිතෙනවා අම්මේ.....

මගේ දෝතින් හරි හයියෙන් 
අල්ලගන්න අම්මේ......

මටත් නොදැනි දුර ඈතක 
පාව යයිද මම අම්මේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ  හතරවන දිනය 

ප /ලි
හුඟා කාලෙකට කලින් ලියවුනු වචන ටිකක්.බ්ලොග් එකට දාන්න හිතාගෙන හිටියේ නෑ.ඒත් ඉතින් අද දැම්මා.මේ දවස් වල කවි සිතුවිලි පහල වෙන්නේ නැ.බ්ලොග් සතිය අතාරින්නත් බැරි නිසා පෝස්ට් එක දැම්මේ..

26.1.11

කල පව් බොහෝමයි


හසරැලි අරගෙන එන 
පෙරමග
රැදෙන්නට වරම්
සිත ලඟ දගකල 
සිහිනය යළි 
පිපෙන්නට වරම්
නොතිබුනු යුගයක 
ඔබ මා 
හමුවන්න තරම්
කල පව් බොහෝමයි 
පෙර භවයක 
අප කරපු තරම්....

පබලු

මහා බස් බ්ලොග් සතියේ තෙවන දිනය.

25.1.11

තාම මග බලනවා



ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

දිනක නුඹ එයි කියා

හද සිනා සලනවා...


නෙත් මඩල හඩවලා

හීනයක් බිදෙනවා

ලඟ ලඟම ඇති කියා,

තාම මග බලනවා

තාම මම මග බලනවා...


පබලු

මහා බස් බ්ලොග් සතියේ දෙවන දිනය වෙනුවෙන් 


24.1.11

නුඹ


සැදෑ හිත් අහසට පැයු
සොළොස් කලාපිරි පුරා හඳ
වියළි සිත් කතරට ගැලු
සුනිල දිය දහර නුඹ

නෙතට නිදි නැති රැ දිවා
හිත ලඟම සක්මන් කලා
ළය පුරා ස්නේහයේ රස
තියා හිත ලඟ නැවතුනා
  
පබලු

මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලදි.