16.1.12

ගුරු ගීතය කියෙව්වේමි

සිතුම් විල් තුල කිමිදි 
සොයමි මඟ හැරුනු නුඹව......
පහන් කණුවක් ලෙසින් පෙරදී
පාර පෙන් වු නුඹව......
මූසලම අතීතෙක 
සුවද දුන් එකම කුසුම...... 
දුයිෂේන් නුඹයි මගේ
දකින්නට නෙත් පෙරුමන් පුරන......
මිහිරිතම ගීතය නුඹයි
මගේ වත්මන ගැයෙන.......
අල්තිනායි මමයි නුඹේ
ළය පුරා නුඹ රදවා රකින......
සියොලඟම ඇවිලෙමින්
නිතර හිත පෙරුමන් පුරන......
නුඹේ හැම හුස්මටම 
හැමදාම පෙම් කරන......
දුයිෂේන් නුඹයි මගේ
හමුවන්න කල් අරින......

පබලු 



9.1.12

2012 ලැබුවේ අද -එනව නම් ඔබ


දුරුතු සීතල සුළන් සිපගෙන
එනව නම් ඔබ මටත් රහසෙම
පිපෙන සුවහස් කුසුම් පෙති මත
අකුරු ලියනෙමි සිතුම් කැටිකොට

මගේ සිතුවිලි නුඹ සිතින් විද 
එනව නම් නුඹ සැනසුමත් ගෙන 
පිපෙන නිම්නැති තරු කැකුලු වල 
එලිය දෙන්නෙමි සිනා කැන් ඉස

පබලු

ප.ලි :
2012 ලැබුවේ අද 
අලුත් අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක