12.12.12

සෝම හිමියණි,


පිපාසිත බොදු සිත් සතන් 
තෙමාලු සිසිල් ජලකඳ 
අඳුරු වූ සිත් වලට 
ප්‍රඥාවේ අලෝකය රැගෙන ආ
සඳ මඬල
මහා කරුණාවෙන් ලොවක් සුව කළ
වෙද ඇදුරිඳුන්
බුදු සිහිලෙන් 
බොදු දනන් පුබුදු කල
නුවණ පහන නිවුනා

පබලු


සෝම හිමියණි, සිහළ දේශයට යළි පුනරාගමනය කළ මැනවි!




ප/ලි
2003 -12-12 නිවුනු නුවණ පහන සෝම සමිදාණන් වෙනුවෙන් .

මගේ තනිකමේ 100 පෝස්ට් එක.අවුරුදු 3ක් විතර ගියා මේ 100 පුරන්න.

විශේෂ ස්තුතිය යොහාන් කණිෂ්ක  මලයට.මේ වචන ටික දාල හදපු බැනර් එකේ පින්තූරයක් තමයි ඔය උඩින් තියෙන්නෙ .


                                                                               (මීරිගම ටව්න් )