28.1.11

තනිකමට හුරු හිතක

මල් සිඹින මද පවන 
සේ මහද සිඹලා
තරු පිපුනු රැ අදුරේ 
මම සිටියේ මඟ බලලා

පිනි බිංදු රැ අදුරේ 
මල් මතට වැටිලා
නෙත් කඳුළු නෙත් කෙවෙනි 
බොඳ කරලා නුඹ මැකිලා

පැතුමකට ඉඩ දීලා 
මගේ සුසුම් හද පිරිලා 
තනිකමට හුරු හිතක 
හසරැලිත් දැන් නැතුවා

පබලු

මහා බස් බ්ලොග් සතියේ පස් වන දිනය

2 comments:

  1. පැතුමකට ඉඩ දීලා
    මගේ සුසුම් හද පිරිලා
    තනිකමට හුරු හිතක
    හසරැලිත් දැන් නැතුවා


    හ්ම්ම්ම්ම්...... ඕකම තමා මාත් කිව්‍ ‍වේ........

    ඊ‍යේ පුල් බිසී බැවින් ක‍මෙන්ටු පමාවට සමාවනු.......

    ReplyDelete