මගේ තනිකම
වසන්තය අරන් දෝතින් - වඩිනු මැන කුමරුනේ - අහස් ඉම පුරා අපි - අදිමු සිතුවිලි ඔහේ
25.7.12
ළය පෑරී .....
ළය පෑරී ගලනා
කඳුලු බර වැඩියි.......
සඳ නෑවිත් හෙලනා
සුසුම් සැර වැඩියි
.......
ළය කැලතී පිපෙනා
හැගුම් දුක පිරි
.......
නෙත හිනහී විදිනා
උණු කඳුලු මල් වැහී
.......
පබලු
10.7.12
නිහඩ වුනි මම කිසිත් නොකියාම
සිත මතින් ගලාගිය
නුඹ උණුහුමේ සිසිලස
වසාගත් දෙනෙත් මත නැවතුනත්
ඉකුත්ව ගිය කාලය පුරාවට
මුළු හිතම වසාගත්
ආත්මීය සිසිලස නුඹෙ නිසා
නිහඩ වුනි මම කිසිත් නොකියාම
ගලන්නට ඉඩ දී
නුඹෙ
ආදරණීය ආදරයට
මගේ සිත මතින් තව තවත්.....
පබලු
3.7.12
ප්‍රේමයේ ඵලදරා
පාවෙනා වළාකැ
ටි
ප්‍රේමයේ පැහැය වැද
සැන්දෑ වේ අහස් කුස
රනින් දිලෙන සොඳ
මෝරනා පෙම් පැහැය
වළාකුළු අඳුරුකර
විටින් විට පායනා
තරු වලින් එළිය වෙන සඳ
සුවහසක් තරු කැකුලු
පුදිමින් අහස් කුස
ප්‍රේමයේ ඵලදරා
අරුණකින් යළි එලියවෙන සොඳ
පබලු
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)