18.4.11

පිපෙන සියපත් කුසුම් අතරේ


වෑස්සෙන සඳ එළිය අතරේ.....
දෝරේ ගලා ගිය සෙනෙහෙ සයුරේ.....
රැදී ඉන්නට ඔය පපුව තුරුලේ.....
ඉඩක් දෙනවද සිහින මැදුරේ.....

නිමක් නැති මගේ පැතුම් අතරේ.....
ලැගුම් ගෙන ඔබ මටත් රහසේ.....
පිපෙන සියපත් කුසුම් අතරේ.....
රැදෙනු මැන මේ සිහින විල් තෙරේ.....

පබලු

14.4.11

පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ


පෙර දිනක මා මනස ඇදි කවියක්ය ඔබ
පෙර දිනක මා මනස ඇදි සිතුවමකි ඔබ
පෙර දිනක මා මනස රැදි හැඟුමක්ය ඔබ
පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ

තරු කිනිති නිදි වරන සඳැති රැයක ඔබ
මට නොදැනි මගේ ලඟම දැවටෙන්නේ ඔබ
මගේ මුලු හිතම එලිය කරමින් ඔබ
එහේ මෙහේ සැරිසරයි මටත් රහසේම ඔබ

යම් දිනක මගේ නෙත් කෙවෙනි යට ඔබ
හිත හඩයි හිදී යයි කඳුලක් වි ඔබ
දුර නොයා දැවෙටෙමින් මගේ සිතිවිලි අතර ඔබ
නැවතුනේ ඇයි මටත් නොදැනීම සබඳ ඔබ

පබලු

7.4.11

ආසයි මගේ නෙත් හෙමින් පියන්නට


හාදු වැස්සක තෙමෙන්නට
ආසයි මට නුඹ පපුතුරෙ නිදන්නට
සිතින් දොඩමලු වෙන්න ට
ආසයි මට නුබ නෙතට එබිකම් කරන්නට

අනන්ත හැගුමන් ළය පූදින විට
ආසයි නුඹ දෙස බලා සිටින්නට 
නුඹේ දෙතොල් පෙති නළල සිඹින විට
ආසයි මගේ නෙත් හෙමින් පියන්නට

නිදිවරන සිත ලඟ නුඹ ඇවිත් මුමුණන
ආදරයේ ගීය හැබැවට අහන්නට
ඒ හීනයේ වෙලී මම, නුඹ
ආසයි මට දුර ගමනක් යන්නට

පබලු

2.4.11

සිහින තුලම මිය යන්න හිතයි


අහසට තරු වඩින පැයක..
බලන් ඉන්න හිත ලෝබයි..
ඒ තරු ගෙන එන හීනෙක..
නැවතී මිය යන්න හිතයි..

මිලිනව ගිය තරු අහුරක
අදුරු මතක හිත පාරයි....
කඳුලු කැටිති නෙත් පිරෙනා
සඟවා හිනහෙන්න හිතයි..

පබලු