නිමක් නැති සංසාරේ
ඇවිදගෙන ඇවිදගෙන විත්
නැවතුනු මේ නවාතැන් පළය
බුදුන් වැඩි දේශයේ....
දෙමවුපිය සොයුරු සොහොයුරු
මේ සසරේ මඟ දමා
හිමි වියෝ දුක් දරා
මහා සයුරටත් වැඩිය
කඳුලු ගංගා හෙලා.......
පැමිණ ඇත අලුත් සබඳකම් මැදින්
නිමක් නැති සංසාරේ
නවතැන් පල සොයා.......
පබලු
බලපොරොත්තු නොවුන වෙලාවක අප අතරින් වියෝ වූ හිතාදර මිතුර
දිලුම් දිසානයක අපි කවුරුත් දන්න ඉලංදාරියා ,ඉලං
ඔබ ඉපදෙන කිසිම භවයක මේ වගේ
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!! කියලා ප්‍රාර්තනා කරනවා ...