2.8.10

තනියම තනිකම වින්දා


නුබට හොරෙන් නුබ හින්දා
සිහින ගෙතුවේ මම හින්දා
මගේ හීනය මියැදුන දා
තනියම තනිකම වින්දා

මනමාළිය නුබ කැන්දා
යනු බලන්න බැරි හින්දා
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දා

සුර විමනක නුබ රන්දා
ඈ එහි දෙව්ලිය වන්නා
නොලැබුන පැතුමක් හන්දා
තනියම තනිකම වින්දා

පබලු

23 comments:

  1. MEEKA NUM HARIMA LASSANAY ..MOKADA OYA LIWWA ADAHASA TA MAMA HARIMA KEMATHIY MOKADA MATATH DENENA HINDA WIDINA HINDA THANIKAMA ..HARIMA LASSANAY .... PABALU

    ReplyDelete
  2. හීන ඔහොම තමයි අනේ......

    ReplyDelete
  3. ලස්සනයි

    කලෙකට පස්සේ ඔන් මන් ඇවිත් ගියා ........

    ReplyDelete
  4. විඳිනා තරමට තනිකම
    නැ ඕනැ ආදරයක්
    ආ දා සිතුවිලි අතරට
    අන් කෙනෙකුගෙ ආදරයක්
    සිටිනා තනිකම හැර යයි දුටු වන ඒ සිතුවිල්ලත්
    සැමදා මිතුරෙකි තනිකම රැ‍ඳෙනා හද පතුලේමත්
    නැත යන්නේ කිසිදා අප හැරදා මක් නිසාවෙන් වත්.....

    ~තනිකමට ආදරෙන්

    ReplyDelete
  5. thaniyama hand job

    ReplyDelete
  6. උඹේ තනි කම උඹ‍ට,
    උගේ නොතනිය ඌට,
    දැනෙන ලෙස අද උඔට,
    දැනේ දිනෙකත් ඌට.

    සිහින හැදුනේ නුඹට,
    සිහින නොවටී ඌට,
    නොකීවේ ඇයි ඌ‍ට,
    සිහින ඇතිබව නුඹට.

    නොදැනුනත් අද ඌට,
    දැනෙන තනි කම උඹට,
    වටිනවානේ උඹට,
    ඔබේ තනිකම උඹට..!

    (උඹ ඌ ආසී නෙසරුප් වචන භාවිත කලේ කවි රසය ඉස්මතු කරලීම සඳහා පමණි)

    අගේ ඇති කවි පංතියක්.

    ReplyDelete
  7. හීන එක්ක ඉගිල්ලෙන් යන්නේ පරිස්සමේන් ඕන් අක්කේ

    ReplyDelete
  8. @Ano..තනිකම ලස්සනයි.ඒත් මට දැන් හිතෙනවා තනිකමට වඩා ලස්සන දේවල් තියනවා කියල..ස්තුතියි අදහස ලිව්වට

    @Shadow ඔව් හිත මෙහෙම තමයි.දුරගමන් කරන හිත ස්තුතියි නිතරම ඇවිත් යනවට අදහස් දක්වනවට

    @වැප් කාලෙකට පස්සේ හරි මේ පැත්තේ දකින්න ලැබුන එක සතුටක්.

    ReplyDelete
  9. 2Prabath ස්තුතියි..දන්නවා ඔයාල හැමදාම තනිකම එක්ක ඉන්නවා කියලා.ඒහින්ද තමයි ලියන්න හිතට අලුත් අදහස් එන්නේත්.

    @Ano.. :)

    @නොසංදාලයා
    මගේ තනිකම මට
    මගේ කවි හිත මෙය
    නොවේ කිසි විට ජීවිතය
    කවිය කවියක් මිස

    අදහසට තුති මිට
    දිග හරිම නුබ වෙත
    වචන අරුමය යස
    කවිය කවියක් මිස

    @තක්ෂිල ඔව්... මල්ලිලා නංගිලත් පරෙස්සම් වෙනු හොදයි..අදහස් දැක්වුවට තුති.

    ReplyDelete
  10. ගොඩක් කාලෙකින් ආවෙ. අනේ හීන වල පැටලිලා ඔලුව අවුල්කර ගන්න නම් එපා. පබළු පබළු ලෙසින් දිලෙන වගේ ඉන්න.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  11. හුග දවසකින් මේ පැත්තේ අවේ....

    මම කැමතිම ටික මේ ටික....

    මනමාළිය නුබ කැන්දා
    යනු බලන්න බැරි හින්දා
    දාහක් ගිනි හිත රන්දා
    තනියම තනිකම වින්දා

    ReplyDelete
  12. @මැණික් ස්තුතියි අදහසට ...මේ මගේ ජීවිතේ නෙවෙයි මැණික්..නිකන් හිතට ආපු සිතුවිල්ලක් විතරයි..

    @ඉලංදාරියා ඉදල හිටල හරි ඇවිත් යන්න...හොද නරක කියන්න..ස්තුතියි.

    @Muth ස්තුතියි!!

    ReplyDelete
  13. ලස්සනයි ගොඩක්.. ඊලග පොස්ට් එක දාන්න... ඒකට කවියක් ලියන්නන්....

    ReplyDelete
  14. @පසන් ඔයා මේ පෝස්ට් එකට කවියක් ලිව්වා...මතකද??? මෙන්න මෙහෙම,,,,

    නුඹ ලබන්න බැරි හින්දා
    හැර යන්නට දුක හින්දා
    වෙන කෙනෙකුටට බහ දුන්දා
    නුඹට හොරෙන් මං බැන්දා
    හී හී හී........

    ReplyDelete
  15. මෙයා ඒකත් මතක තියාගෙන හිටියද අනේ...කොහෙද ඕක තිබ්බෙ.. මටත් මතක නෑ නෙ...

    ReplyDelete
  16. තනිකමට පෙම් බදින..
    නගේ නුඹටත් දිනක..
    තනිකමට සමුදී...
    තනිවෙන්න වේවී...

    ReplyDelete
  17. @Pasan වටින දේවල් පරෙස්සමෙන් තියාගෙන ඉන්න ඕන..

    @අභීත ස්තුතියි!!
    තනිකමට පෙම් බැදි
    තනිකමම පැතුවට
    තනිකමින් මිදුනු දින
    දැනුන සැනසිල්ල නිම්නැත

    ReplyDelete
  18. අයියෝ........................................මට මග ඇරුනේ කෝමද? මෙච්චර ලස්සන ගී පද පෙළක්...පොඩ්ඩක් ඉන්න ඔලුව ගහගෙන එන්නම් බිත්තියේ..ඌයි...ආහ් දැන් හරි...
    ඔයා ලස්සනට ගී පද ගොතනවා..ඇයි අපිට බැරි මේවා ගීත කරන්න. 

    ReplyDelete
  19. @kellasupun ස්තුතියි මල්ලි

    @ගීත් (සහෘදයා)හෝව් හෝව් අපෝයි ඔය ඔලුව..
    කව්ද කිව්වේ ඔයාට බැ කියලා..ඔය ලියන ඒව දැක්කම මට ඇඩෙනවා මම මොනවද ලියන්නේ කියල හිතිලා...ස්තුතියි ඇවිත් අදහස කිව්වට

    ReplyDelete
  20. තනියම තනිකම වින්දා..yah itz true..

    ReplyDelete
  21. Mekata Mama Monawath Kiyanne Na.. Adahasa Lassanai..

    ReplyDelete