පොළව සිබින හිරු කිරන,
නුබයි මහද සනසවන....
තුරු අරන සිඹින මදපවන
නුබයි සිසිල ගෙන වැඩිය....
ඉරි තලා වියලි සිත් කතර
සනසන්න ගැලුව දිය දහර
නුබයි සැදුවේ රන් විමන
පහන් සිලකි මම සැලුන....
ගනදුරට එලිය ගෙන වැඩිය
සිසිකිරණ නුබයි තරු අතර....
පිපි පියුම් මතින් නුබ වෙතට
පින් පුරන සමන් මල මමය....
පබලු
~~~~ගනදුරට එලිය ගෙන වැඩිය
ReplyDeleteසිසිකිරණ නුබයි තරු අතර....
හැමදාම ඔයා ලියන කවි ලස්සනයි පබලු~~~~
Nithu
ලස්සනයි පද පෙළ.....
ReplyDeleteහැමදාම රහට කවි ලියන
ReplyDeleteමුතු පොටකි පබළු අමුණණ
තනිකම ගැනම (නො)ලියන
නොවේවා ඇස්වහක් කිසිදින
ලස්සනයි..වෙනදා වාගේම......
ReplyDeleteගනඳුරට එළිය ගෙන වැඩිය
ReplyDeleteසිසි කිරණය වූ ඒ සඳට
සඳ සිසිල විඳ ගෙනම
සඳ සාවිය වූ මල වූයේ ඇයය
දිගු දිවි කතරට ඇත තවත් කාලය
ගෙවා දමනට ඒ ජීවිතය
සිත් අතර සතුටු මෝදුව
සතුටින් පිරි, දිවියකට මගෙන් සුභාසිරි පැතුම්.....
පින් පුරන සමන් මල ඔබය..
ReplyDeleteපින ලබන බිගු රජිද ඔහුය..
මේ දෙසට ඇස් යොමා සිටින..
මල් නටුව පවසන්නෙ කිමද?
ගොඩකාලෙකින් මේ පැත්තේ ආවේ.
ReplyDeleteලස්සන පද පෙළක් අක්කියෝ....
සමන් මල වසා ඇති
ReplyDeleteපිනි බිදක් වන්නම්
මද පවන වෙලා නිති
සැනසුමක් දෙන්නම්
නෙතට කඳුළක් ගෙනෙන
ඔහු වගේ නැත්තම්
නුඹ නොදන්නා නමුත්
නුඹගෙ වී ඉන්නම්
සත්තින්ම ලස්සනයි.....ආසයි හැමදාම මේවගේ ඉන්නව නම්...
ReplyDeleteජයෙන් ජය
එල කියල තමා කියන්න තියෙන්නෙ වෙනද වගේම්.... :)
ReplyDeleteගොඩාක් ලස්සනයි........
ReplyDeleteහිරු කිරන පරදවා ගණදුරට එලිය වී
ReplyDeleteඉරි තෑලුනු සිතපුරා ගෑලූ දිය දහර වී
පින් පුරන සමන් මල සෑමදාම නුඹම වී
සනසවා සිත නුඹව හෑමදාම ඔහුගෙ වී
සෑමදාම නුඹ වෙන්න ඔහුගේම සමනලී
lassanay pabalu hari lassanay
ReplyDeleteගොඩක් කාලෙකින් මම අක්කිව බලන්න ආව ආයෙත්.
ReplyDeleteලස්සනයි අක්කෙ...
@නිතු ගොඩාක් ස්තුතියි!!
ReplyDelete@Shadow ස්තුතියි!! නිතරම ඇවිත් යනවට
@කුෂාන්
ලියන කවි වල අරුම
කියන්නට ඇවිත් යන
මිතුරු නුබ නිසා තව
ලියවෙනවා කවි බොහෝම
@ඉලන්දාරියා ස්තුතියි මේ පැත්තේ ආවට
ReplyDelete@Prabhath ලස්සනයි පිළිතුරු කවිය..
සතුට සපිරුනු දිවිය
අරන් ආ හිරු කුමරු
හැමදාම ලග ඉදන්
සනසාවි හිත කෝම
@අභීත ස්තුතියි අදහ්ස් දැක්වුවට,ලස්සනයි පිළිතුරු කවිය
පින් පුරන සමන් මල ලග
බඹරිදුන් ඉන්න තුරු කිම
දුකක් කදුලක් රැදෙනු නෙත
@හසියා ඉදල හිටල හරි ඇවිත් යන්න..ස්තුතියි මල්ලි
ReplyDelete@wath ස්තුතියි වත්.ලස්සනයි පිළිතුරු කවිය
@ලක්ෂිත ගොඩාක් ස්තුතියි .ඔයාටත් ජයෙන් ජයම පතනවා
@සහන් එල එල ස්තුතියි අදහස් කිව්වට
@ඇනො ස්තුතියි
@thanu ලස්සනයි පිළිතුරු කවිය.නිතරම ඇවිත් යන්න
ReplyDelete@විහඟි කාලෙකින් ඔයාව දැක්කේ ,ඉදල හිටල හරි ඇවිත් හොද නරක කියල යන්න ,,ගොඩාක් ස්තුතියි
මං අන්තිමයා...
ReplyDeleteකමක් නෑ
හිරු කිරණ පිළිගන්න
නුඹයි මගෙ පෙම්වතිය
මද සිලට ගී ගයන
නුඹයි ඒ තුරු වදුල
ඉරි තලා වියලෙන්න
තුරු වියන් මැලවෙන්න
සියලු දේ නැති වෙන්න
නුඹ එන්න මගෙ වෙන්න
අද පද පෙල නන් අමුතුයි පබලු.. හරි අමාරු උනානෙ තාලයක් හොයා ගන්න..
මොනව උනත් නිරිමාණය නන් හැමදාමත් වගේ ලස්සලයි
ලස්සනයි අක්කි
ReplyDeleteමහද නිවා
ReplyDeleteසැනසුම් හෙලා
ඡිවිනය මෙමා
සොයයි නිදහස් මවනා
කුල් මත්ය පිවිතරුය
සැමදා එය...
වෙනද ඒවා තරම් මට ෆිට් නැහැ...හැබැයි මම අලුත් වචනයක් අහුල ගත්තා සිසි කිරන. හද එළියට සිසි කිරණ කියලත් කියනවද? වචනය කොපි කලාට කම්ක් නැද්ද මගේ ඉදිරි නිර්මාණ වලට? :)
ReplyDelete@pasan ඔයා අන්තිමයා නෙවෙයි..ඒත් ටිකක් පරක්කුයි..
ReplyDeleteපිලිතුරු කවිය නම් ලස්සනයි..ස්තුතියි යාලුවා
සියලු දේ නැති වෙන්න
මම එනවා හොදේ ඔන්න
@Heat ස්තුතියි!!!
@තක්ෂිල ලස්සනයි පිලිතුරු කවිය, ස්තුතියි !!
මදහස පාන
සැනසුම ගේන
හිත නිවන
භාවනාව ඔබය...
@ගීත්(සහෘදයා)ඔයාට ෆිට් වෙන කවියක් ලියන්නම් ලගදිම..ලස්සන දෙවල් තව තව නිර්මාණ වලින් දකින්න තියන එක කොච්චර හොදද..ගන්න ගන්න සිසිකිරන අරගෙන වෙන්න සිසි කිරන... :) :)
කවිය ගොඩක් ලස්සනයි...ඒත් මේ පද දිහා විමසිල්ලෙන් බලන්න
ReplyDeleteඉරි තලා වියලි සිත් කතර
සනසන්න ගැලුව දිය දහර
නුබයි සැදුවේ රන් විමන
පහන් සිලකි මම සැලුන....
ඉරිතලා ගිය සිත් කාන්තාරය සනසවාගෙන ගැලුව දිදහර ඔහු උනත් ඔබ ඔබටම දොස්පවරා ගන්නේ ඇයි පහන් සිලකි මම සැලුන කියලා.
ඔබට ජය
@හේම ජයන්ත ස්තුතියි !!!
ReplyDeleteසතුට විදිනවද දුක විදවනවද කියල හිතාගන්න බැරුව පහන් සිලක් වගේ එහාට මෙහාට සැලි සැලී හිටපු ජීවිතේට සතුට පිරෙව්වෙ ඔහු....
Mama Oyata Aadarei Ammi....
ReplyDeleteසමන් මලයි සිසිකිරණයි
ReplyDeleteඑකතු වෙනා දිනය ලගයි
PABALU Said,
ReplyDeleteThankzzzzzz Raja........