12.8.10

පින් පුරන සමන් මල මමය....


පොළව සිබින හිරු කිරන,
නුබයි මහද සනසවන....

තුරු අරන සිඹින මදපවන
නුබයි සිසිල ගෙන වැඩිය....

ඉරි තලා වියලි සිත් කතර
සනසන්න ගැලුව දිය දහර
නුබයි සැදුවේ රන් විමන
පහන් සිලකි මම සැලුන....

ගනදුරට එලිය ගෙන වැඩිය
සිසිකිරණ නුබයි තරු අතර....

පිපි පියුම් මතින් නුබ වෙතට
පින් පුරන සමන් මල මමය....

පබලු


28 comments:

  1. ~~~~ගනදුරට එලිය ගෙන වැඩිය
    සිසිකිරණ නුබයි තරු අතර....
    හැමදාම ඔයා ලියන කවි ලස්සනයි පබලු~~~~

    Nithu

    ReplyDelete
  2. ලස්සනයි පද පෙළ.....

    ReplyDelete
  3. හැමදාම රහට කවි ලියන
    මුතු පොටකි පබළු අමුණණ
    තනිකම ගැනම (නො)ලියන
    නොවේවා ඇස්වහක් කිසිදින

    ReplyDelete
  4. ලස්සනයි..වෙනදා වාගේම......

    ReplyDelete
  5. ගනඳුරට එළිය ගෙන වැඩිය
    සිසි කිරණය වූ ඒ සඳට
    සඳ සිසිල විඳ ගෙනම
    සඳ සාවිය වූ මල වූයේ ඇයය

    දිගු දිවි කතරට ඇත තවත් කාලය
    ගෙවා දමනට ඒ ජීවිතය
    සිත් අතර සතුටු මෝදුව
    සතුටින් පිරි, දිවියකට මගෙන් සුභාසිරි පැතුම්.....

    ReplyDelete
  6. පින් පුරන සමන් මල ඔබය..
    පින ලබන බිගු රජිද ඔහුය..
    මේ දෙසට ඇස් යොමා සිටින..
    මල් නටුව පවසන්නෙ කිමද?

    ReplyDelete
  7. ගොඩකාලෙකින් මේ පැත්තේ ආවේ.
    ලස්සන පද පෙළක් අක්කියෝ....

    ReplyDelete
  8. සමන් මල වසා ඇති
    පිනි බිදක් වන්නම්
    මද පවන වෙලා නිති
    සැනසුමක් දෙන්නම්
    නෙතට කඳුළක් ගෙනෙන
    ඔහු වගේ නැත්තම්
    නුඹ නොදන්නා නමුත්
    නුඹගෙ වී ඉන්නම්

    ReplyDelete
  9. සත්තින්ම ලස්සනයි.....ආසයි හැමදාම මේවගේ ඉන්නව නම්...
    ජයෙන් ජය

    ReplyDelete
  10. එල කියල තමා කියන්න තියෙන්නෙ වෙනද වගේම්.... :)

    ReplyDelete
  11. ගොඩාක් ලස්සනයි........

    ReplyDelete
  12. හිරු කිරන පරදවා ගණදුරට එලිය වී
    ඉරි තෑලුනු සිතපුරා ගෑලූ දිය දහර වී
    පින් පුරන සමන් මල සෑමදාම නුඹම වී
    සනසවා සිත නුඹව හෑමදාම ඔහුගෙ වී
    සෑමදාම නුඹ වෙන්න ඔහුගේම සමනලී

    ReplyDelete
  13. lassanay pabalu hari lassanay

    ReplyDelete
  14. ගොඩක් කාලෙකින් මම අක්කිව බලන්න ආව ආයෙත්.

    ලස්සනයි අක්කෙ...

    ReplyDelete
  15. @නිතු ගොඩාක් ස්තුතියි!!

    @Shadow ස්තුතියි!! නිතරම ඇවිත් යනවට

    @කුෂාන්
    ලියන කවි වල අරුම
    කියන්නට ඇවිත් යන
    මිතුරු නුබ නිසා තව
    ලියවෙනවා කවි බොහෝම

    ReplyDelete
  16. @ඉලන්දාරියා ස්තුතියි මේ පැත්තේ ආවට

    @Prabhath ලස්සනයි පිළිතුරු කවිය..
    සතුට සපිරුනු දිවිය
    අරන් ආ හිරු කුමරු
    හැමදාම ලග ඉදන්
    සනසාවි හිත කෝම

    @අභීත ස්තුතියි අදහ්ස් දැක්වුවට,ලස්සනයි පිළිතුරු කවිය
    පින් පුරන සමන් මල ලග
    බඹරිදුන් ඉන්න තුරු කිම
    දුකක් කදුලක් රැදෙනු නෙත

    ReplyDelete
  17. @හසියා ඉදල හිටල හරි ඇවිත් යන්න..ස්තුතියි මල්ලි

    @wath ස්තුතියි වත්.ලස්සනයි පිළිතුරු කවිය

    @ලක්ෂිත ගොඩාක් ස්තුතියි .ඔයාටත් ජයෙන් ජයම පතනවා

    @සහන් එල එල ස්තුතියි අදහස් කිව්වට

    @ඇනො ස්තුතියි

    ReplyDelete
  18. @thanu ලස්සනයි පිළිතුරු කවිය.නිතරම ඇවිත් යන්න

    @විහඟි කාලෙකින් ඔයාව දැක්කේ ,ඉදල හිටල හරි ඇවිත් හොද නරක කියල යන්න ,,ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  19. මං අන්තිමයා...

    කමක් නෑ

    හිරු කිරණ පිළිගන්න
    නුඹයි මගෙ පෙම්වතිය

    මද සිලට ගී ගයන
    නුඹයි ඒ තුරු වදුල

    ඉරි තලා වියලෙන්න
    තුරු වියන් මැලවෙන්න
    සියලු දේ නැති වෙන්න
    නුඹ එන්න මගෙ වෙන්න

    අද පද පෙල නන් අමුතුයි පබලු.. හරි අමාරු උනානෙ තාලයක් හොයා ගන්න..

    මොනව උනත් නිරිමාණය නන් හැමදාමත් වගේ ලස්සලයි

    ReplyDelete
  20. ලස්සනයි අක්කි

    ReplyDelete
  21. මහද නිවා
    සැනසුම් හෙලා
    ඡිවිනය මෙමා
    සොයයි නිදහස් මවනා
    කුල් මත්ය පිවිතරුය
    සැමදා එය...

    ReplyDelete
  22. වෙනද ඒවා තරම් මට ෆිට් නැහැ...හැබැයි මම අලුත් වචනයක් අහුල ගත්තා සිසි කිරන. හද එළියට සිසි කිරණ කියලත් කියනවද? වචනය කොපි කලාට කම්ක් නැද්ද මගේ ඉදිරි නිර්මාණ වලට? :)

    ReplyDelete
  23. @pasan ඔයා අන්තිමයා නෙවෙයි..ඒත් ටිකක් පරක්කුයි..
    පිලිතුරු කවිය නම් ලස්සනයි..ස්තුතියි යාලුවා
    සියලු දේ නැති වෙන්න
    මම එනවා හොදේ ඔන්න

    @Heat ස්තුතියි!!!

    @තක්ෂිල ලස්සනයි පිලිතුරු කවිය, ස්තුතියි !!
    මදහස පාන
    සැනසුම ගේන
    හිත නිවන
    භාවනාව ඔබය...

    @ගීත්(සහෘදයා)ඔයාට ෆිට් වෙන කවියක් ලියන්නම් ලගදිම..ලස්සන දෙවල් තව තව නිර්මාණ වලින් දකින්න තියන එක කොච්චර හොදද..ගන්න ගන්න සිසිකිරන අරගෙන වෙන්න සිසි කිරන... :) :)

    ReplyDelete
  24. කවිය ගොඩක් ලස්සනයි...ඒත් මේ පද දිහා විමසිල්ලෙන් බලන්න

    ඉරි තලා වියලි සිත් කතර
    සනසන්න ගැලුව දිය දහර
    නුබයි සැදුවේ රන් විමන
    පහන් සිලකි මම සැලුන....
    ඉරිතලා ගිය සිත් කාන්තාරය සනසවාගෙන ගැලුව දිදහර ඔහු උනත් ඔබ ඔබටම දොස්පවරා ගන්නේ ඇයි පහන් සිලකි මම සැලුන කියලා.
    ඔබට ජය

    ReplyDelete
  25. @හේම ජයන්ත ස්තුතියි !!!
    සතුට විදිනවද දුක විදවනවද කියල හිතාගන්න බැරුව පහන් සිලක් වගේ එහාට මෙහාට සැලි සැලී හිටපු ජීවිතේට සතුට පිරෙව්වෙ ඔහු....

    ReplyDelete
  26. Mama Oyata Aadarei Ammi....

    ReplyDelete
  27. සමන් මලයි සිසිකිරණයි
    එකතු වෙනා දිනය ලගයි

    ReplyDelete
  28. PABALU Said,

    Thankzzzzzz Raja........

    ReplyDelete