15.5.12

ම'සිතින් විදිමි අද ....


දිගහැරෙන තුරු පෙති එකින් එක
කල්පයක් වුව හිදීමි මම
ඉන් විහිදෙන අපමණ සුවද
එදිනට විදිමි මම
ඉන් මැවෙන අපමණ සොදුරුබව
ම'සිතින්   විදිමි  අද  ....

නිලබර දගකරන ඔය ඇස්
නිරතුරු සොයමි මම
මද පවන ගෙනෙන නුඹ උණුහුම ,
සිසිලස විදිමි මම
ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...

පබලූ



21 comments:

  1. මේ පැත්තට ආවේ අදයි... ලස්සන අදහසක්..
    //ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
    ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම..//

    ලස්සනයි.. ආයෙත් එන්නම් ඉතුරු ටිකත් කියවලම යන්න...

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්........

    ජයවේවා.....!

    ReplyDelete
  3. ආදරේ ගලනවා...ඒත් බාරගන්න පුංචි විලක් වත් නෑ...ලස්සනයි පබලු

    ReplyDelete
  4. @see Jay
    ආදරෙන් පිළිගන්නවා.ඇවිත් කියවල මේ වගෙ අදහස් කියලම යන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  5. @කිරිපුතා
    තැන්ක් Q වේවා !!

    @Janaranga
    ආදරේ ගලනවා.විලකුත් තියනවා.ඒ ආදරේ විලටත් ගලනවා.ඒත් තාම විල හැඩ නෑ .සුදු නෙලුම් මල් නැතුව.
    අදහසට ස්තූතියි.
    ජයවේවා!!

    ReplyDelete
  6. ආදරණීය සැබෑ ආදරේ

    නිලබර දගකරන ඔය ඇස්
    නිරතුරු සොයමි මම
    මද පවන ගෙනෙන නුඹ උණුහුම ,
    සිසිලස විදිමි මම

    කවිය ගොඩක් ලස්සනයි පබලු

    ReplyDelete
    Replies
    1. @සිහින සිත්තම්
      ආදරණීය ආදරේ ආදරෙන් විදින්න එන්න ආයෙම .ගොඩාක් ස්තුතියි!!

      Delete
  7. රිප්ලයි එකක් මතක් වෙන්නෑ.. ආයෙත් පස්සෙ එන්නං ඇ.. :-D

    ReplyDelete
    Replies
    1. @Pasan
      හොදයි හොදයි... ජයවේවා!! :D

      Delete
  8. මමත් අදයි මේ පැත්තේ ආවේ.... කාලෙක ඉදන් මගෙත් හිතේ තියෙන හැඟීමක් හා සමාන අදහසක් තියනවා ඒත් කියාගන්න විදිහක් නෑ..ගෝඩාක් ලසස්නයි අක්කියෝ..දිගටම ලියන්න මමත් හැමදාම ඔයාගේ නිර්මාණ බලන්න එනවා

    ReplyDelete
    Replies
    1. @Ama
      ආදරෙන් පිලිගන්නවා,
      සමහර හැගීම් වචන කරන්න අමාරුයි තමයි අමා.එන්න ආයෙම..කියන්න මේ වගේම ඔයාගෙ අදහසත්

      Delete
  9. //...මද පවන ගෙනෙන නුඹ උණුහුම
    සිසිලස විදිමි මම
    ලඟට එන දිනක සුසුමන් ගොඩක් ගෙන
    ඔය පපුතුරේ හෙමිහිට හෙලමි මම...//

    හුඟක් දැනෙන ලස්සන කවියක් පබළු....

    ReplyDelete
    Replies
    1. @සිතුවිලි දැහැන
      එන්න ආයෙම මේ වගේම අදහස් කියන්න.ගොඩාක් ස්තුතියි !

      Delete
  10. හොදයි පබලු.. හොදට ලියන්න !

    ReplyDelete
  11. @රැඩියා
    ස්තුතියි.ජයවේවා!!

    ReplyDelete
  12. අඩේ.. බ්ලොග් එක දැන් නන් ලස්සනයි.. අරූ නියමෙට වැඩේ කරලා තියනවා.. ඇහටත් මට නන් අමාරුවක් නෑ.. සුපිරියි වැඩේ නන්..

    ReplyDelete
    Replies
    1. @Pasan
      එකනේ.. සෝරෝ ගේ වැඩ සුපුරි තමයි.මම බ්ලොගේ මුලින්ම දාගෙන හිටිය ටෙප්ලේට් එක ට පස්සේ හිතට දැනුන ටෙම්ප්ලේට් එක.. ස්තුතිය සෝරෝට දෙමු නේද පසා.

      ජයවේවා

      Delete
  13. හදවතටම දැනුනා...ලස්සන නිර්මාණයක්..දිගටම ලියන්න..

    ReplyDelete
  14. @සොදුරු
    ගොඩාක් ස්තුතියි..

    ReplyDelete