1.3.12

කඳුලු කතාවම නිමාවුව මැන


වසන්තයේ පිපි සැලුන මල්
නටු අගින් ගිලිහි බිම වැටෙන සඳ
දෙ ඇස් පියන් යට සැඟව ගුලිවුන
කඳුලුමල් වැහි බිමට වැටෙන සඳ

ඔබෙන් දුරකට යන්න නොහැකිව
මගේ හද වැලපෙනා අඳුරක
ළඟට ඇවිදින් නළල සිඹිනු මැන
මගේ පණනල මියෙන මොහොතක

සැඟව යන මගේ හිනා මුව මත
නුඹේ සුසුමන් පතිත වුන මැන
නිමක් නැති එක පෙම් කතාවක
කඳුලු කතාවම නිමාවුව මැන

පබලු

17 comments:

  1. ලස්සනයි...

    ReplyDelete
  2. දුක දුක කිය කිය මොකට කරනවද මන්ද!

    ReplyDelete
  3. ලස්සනයි ලස්සනට කියන්න පුලුවන් කවි සැට් එකක්...

    ReplyDelete
  4. ඇරඹුම හිතන තරම් පහසු වුනාට අවසාන තිත හරිම අමාරු දෙයක් තියන්න ආදරේදි.....
    ලස්සන පද පෙළක්..

    ReplyDelete
  5. හරිම ලස්සන පද පෙලක් අක්කා...

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි අක්කේ..ගොඩක්!

    ReplyDelete
  7. ඔයා ලිව්වවොත් ලියන්නේම ඇඬන්න තමා පබලුවෝ

    ReplyDelete
  8. යකඩෝ.. මං කාලෙකින්ද මෙව්වා බලන්න ආවේ.........

    ReplyDelete
  9. හැමදාමත් වගේ... හරිම අපූරුයි..

    ReplyDelete
  10. ඔබෙන් දුරකට යන්න නොහැකිව
    මගේ හද වැලපෙනා අඳුරක
    ළඟට ඇවිදින් නළල සිඹිනු මැන
    මගේ පණනල මියෙන මොහොතක
    ලස්සනම පද ටික.... අදයි මේ පැත්තෙ ආවෙ හරිම ලස්සනයි...කවිය ගොඩක් ලස්සනයි.. පබලු...

    ReplyDelete
  11. @ඇනෝ,
    ස්තුති වේවා!

    @තනි අලියා
    අනේද කියන්නේ තනි අලියෝ.දුකයි දුකයි කිය කිය මොකට කරනවද මන්දා.ලෝක ස්වභාවේ නේ.තැන්ක් Q මෙහේ ආවට.

    @Amila
    ලස්සනට කියන්න පුලුවන් එකේ කියමු.ගොඩාක් ස්තුතියි අදහසට

    @2ඇනෝ,
    දැන් හොදයි කියන්නේ නරක් වෙලා තිබුනයි.:පි.තැන්ක් Q වේවා

    ReplyDelete
  12. @පවනි
    අවසාන තිත නොතියා කොමාවක් දාගෙන ටිකක් ඇදගෙන යමු නේද.ගොඩක් ස්තුතියි අදහසට

    @ප්‍රාර්ථනා
    ගොඩාක් ස්තුතියි නගෝ..

    @වර්ෂා
    ගොඩාක් ස්තුතියි නගේ

    ReplyDelete
  13. @සුදු හන්සි.
    හලේ තැන් Q වේවා .ඔයත් ඉතින් ඊට දෙවැනි නැහැනේ :පි

    @පසන්
    ඔව් ඔව් දැන් ඉතින් මේවා පේන්නේ නැහැනේ.අපි තරහයි.කාලෙකින් හරි ආව එකම මදැ.තැන්ක් Q පසෝ

    ReplyDelete
  14. @තාරා
    ගොඩාක් ස්තුතියි

    @සිහින සිත්තම්
    ගොඩාක් ස්තුතියි අදහසට .දැන් ඉතින් දිගටම එන්න .ඇවිත් හොද නරක කියලා යන්න.

    ReplyDelete
  15. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

    http://palamupema.blogspot.com

    ReplyDelete
  16. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

    වචන 1500 කට විතර කෙටි කරලා
    ලස්සනට ගලපලා ලියල එවන්න

    http://palamupema.blogspot.com

    ReplyDelete