8.6.12

හදවතේ මැද


කෑ ගගහ මගේ හිත හඩනකොට
නොදැනෙනවා වගේ ඉන්නේ කොහොමද
නොහැගෙනා ඔය හදවතේ මැද
තව තවත් මම ඉන්නේ කොහොමද

සඳ දියේ වැද සඳ එලිය විද
පෙම් විලේ වෑද පෙම් සිහිල විද
මගේ ලොවේ හිද ලොවම එළිකල
කුමරුනේ මම යන්නේ කොහොමද

මල් වලින් සැදි මල් වියන් මැද
නුබට තුරුලුව උන්නු කාලය
සිහිව ලතවෙමි රැ දොළොස් පැය
හඩන සිත යළි වේද විකසිත

පබලු

16 comments:

  1. සඳ දියේ සැගවී සඳ එලිය දුන් නුඹ
    පෙම් විලේ සුපිපෙන මගේ සිත් මල
    අපෙ ලොවේ අප තනිව ගත කල
    මතක තනිකර යන්නෙ කෙලෙසද........

    ලස්සනයි පබලු.....

    ReplyDelete
    Replies
    1. @පසන්
      මෙන්න කවියක්..එලෂ්ෂ්ෂ්..තැන් Q වේවා පසන් අයියාෂ්ෂ්ෂ්

      Delete
  2. ලස්සනයි පබලු අක්කි..

    ReplyDelete
    Replies
    1. @නිම්ශා
      තැන්Q වේවා නoගා

      Delete
  3. අවංක නොවූ ආදරක්ද තවත් එක ?

    ReplyDelete
    Replies
    1. @රොබින්
      වෙනස්වෙමින් යන ආදරයක් ය තවත් එක ,
      ස්තුතියි යාලු :D

      Delete
  4. දෙනෙත කදුළු වගුරනවිට
    සෝසුම් මැද තනි වූ මට
    නුඹ මතකයට එනවිට
    මියදෙන්න හිතෙනවා හනිකට....

    ලස්සනයි පබලු ඔයාගෙ කවිටික....

    ReplyDelete
    Replies
    1. @සිහින සිත්තම්
      පිලිතුරු කවියත් ලස්සනයි .ගොඩාක් ස්තුතියි

      Delete
  5. ලස්සන කවිකමක් අක්කි...

    මලින් පිරි කාලයක
    හද ගිහින් වෙනතක
    පැටලි හඩන සිතක
    ලතවෙමි තනිව ජිවිතයක....

    ReplyDelete
    Replies
    1. @සිතුවිලි දැහැන
      ගොඩාක් ස්තුතියි ලස්සන පිලිතුරු කවියට :D

      Delete
  6. හුම්ම්ම්ම්ම්ම්ම...............

    ReplyDelete
    Replies
    1. හුම්ම්ම්ම් මොකද හා පැටිෂ්ෂ්

      Delete