22.9.11

මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?


විසල් මැදුරක 
පිපුනු මල් පොඩි 
තියා නොකියාම නික්මී...
සොහොන් කොත මුල
නිදා සිටි නුඹ 
නෙතග කඳුලක් නොනික්මි...
මතක මල් පොඩි 
සුවද දෙන සඳ 
අපේ හදවත් තුළ වැදී ....
මවුනි නුඹ ඇහැරෙන්නේ කවදද..?
කියන් විත් සිහිනෙක වෙලී...

පබලු

16 comments:

  1. විසල් මැඳුරක පිපුණ‍ කරුමෙට
    සොවක් නෑ නුඹ තනි කරන්නට
    සිතේ දුක තනිකමත් දුරුකොට
    ඉදින් සිහිනෙන් එනතුරා හෙට

    සිතන් දියණී මෙහෙව් ලෝකෙක
    පිපුණිනම් නුඹ පැලක දරිදව
    සිතේ තනිකම දුක ඇරුනුකොට
    සාගින්න රුදු යකුන් නුඹ වට

    එහෙත් මගෙ පුත කෙලෙස සිටියද
    ලොව දනන් සැමදා හිඳින ලෙස
    පිපුණ විගසම ලියා ඇත අප
    සොහොන් බිම වෙත යනෙන දිනයද

    ReplyDelete
  2. මවකගේ....අදරය..උනුහුම..නොලැබිම..කෙතරම් අවාසනාවක්ද....

    ReplyDelete
  3. මගේ අම්මා නැති උන වෙලාවෙදි පුංචි දැරියක්ව උන්න මගේ හිතටත් පබළුගෙ මේ පද ටික අදෙන්න ඇති....හදවත රිඳෙන තරමට සංවේදීයි....

    ReplyDelete
  4. කවිය කියෙවුවාම සූටි දුක්බර හැඟීමක් වගේ දැනෙනවා .. ලස්සනයි

    ඒත් පින්තූරේ දැක්කාම බය හිතෙනවා

    ReplyDelete
  5. කාව්‍යමය අර්ථයකින් නැතුව බැලුවත් අදහස සංවේදී..ලස්සනයි

    ReplyDelete
  6. ලස්සනයි පබළු. පුංචි දුකකුත් දැනුනා.
    මැණික්

    ReplyDelete
  7. නිසදැසේ තියන සුන්දරත්වයට, යොදල තියන පින්තූරය භාධා කරනව :(

    ReplyDelete
  8. @සිරකරුවා s තැන්ක් Q

    @තනෝජා ගොඩාක් ස්තුතියි තනෝජා අම්මි..ලස්සනයි පිළිතුරු කවි පේලී

    ReplyDelete
  9. @Raj ජීවිතේ එහෙමයි..ස්තුතියි!!

    @Dilnuwan හලේ තැන්ක් Q වේවා

    ReplyDelete
  10. @දිල් ඔයාගේ හිත රිදුන නම් සමා වුව මැනවි මගේ සහෝදරී.
    ගොඩාක් ස්තුතියී මෙහේ ආවට

    @Gayasri thankzzz :)

    ReplyDelete
  11. @හිස් අහස තැන්ක් Q සඳරු.කවියට වඩා කවියට පාදක වුන සිදුවීමට හිත රිදෙනවා මල්ලියෝ

    @ජනරඟ ස්තුතියී අදහසට

    @මැණික් ස්තුතිය...

    ReplyDelete
  12. @ටී.බී. ගූගල් එකේ තිබුනේ ඕක තමා ටිකක් වත් හරියන.. හොද පින්තුරයක් හමබවුන වෙලාවක අනිවාර්යෙන්ම මේක මාරු කරනවා.. අදහසට ස්තුතියී

    ReplyDelete