26.2.11

හීන් අදුර වැටුන පැයක

හීන් හිනාවක් අරගෙන
හීන් සැරේ මගේ කුටියට
හීන් අදුර වැටුන පැයක
නුඹ ආවා....

සාද රන් තොරන් නැතුවට
බාද කලත් උනුන් අපට
වාද නොකර නුඹත් එක්ක
මම ආවා...

පබලු

7 comments:

  1. සිහිල් මදනලක් වාගේ,
    හෙමින් සැරේ හමා ඇවිත්,
    මා හද නිති සනහාලන,
    කුමරි ඒ නුඹයි,

    සදා කල්ම මගෙ තනියට,
    මා ලඟින්ම රැඳී හිඳින,
    මගේ සිතට සැනසුම දෙන,
    කුමරි ඒ නුඹයි,

    ReplyDelete
  2. ආහ් පබලු අක්කා හදපානේ පැනල යන්නෙයි මේ සැරසෙන්නේ....??

    ReplyDelete
  3. @Ravi
    හරිම ලස්සනයි කවි පද..ස්තුතියි

    @Chamal
    හදපානේ වැලි තලා...
    ආයේ පිස්සුවක් ඇතැ මල්ලි..

    ReplyDelete
  4. ලස්සනයි පබලු

    ReplyDelete
  5. සාද රන් තොරන් කුමටද
    හීන් අදුර වැටුන කලක
    ජීවිතයට එළිය අරන්
    පුතු ආවා...

    ReplyDelete
  6. ela ela පොඩි උනාට හරිම ලස්සනයි

    ReplyDelete
  7. හීන් සැරේ නුඹෙ පැලට..
    හීන් දුකක් කරපින්නං..
    හීන් හඩින් කතා කරං..
    මම ආවා..

    බැන්ද රන් තොරන් නැතිවද..
    ගැයුනු ගී සිලෝ නැතිවද..
    යන්නේ කොහේදෝ නොඅසා..
    ඔබ ආවා..

    (ආවා වගේ නෙවෙයි පුතේ කාහං පරිප්පු...)

    ReplyDelete