23.3.11

තරු කැට පිරිවරා - සඳ ඇත හිනහිලා

මීදුම් සලු වියා
ඒ සලු පිළි දරා
නෙත් මානෙන් 
දෙව්ලිය පියමං වුනා.....

තරු කැට පිරිවරා
සඳ ඇත හිනහිලා
සිත් මානෙට සැනෙකින් විත්
ඈ මා සැනසුවා.....

නිල්මිනි පරදනා
නෙතු කැට නම් මනා
විසිතුරු පෙම් නුරා හැඟුම්
සිත ලඟ දගකලා.....

පබලු

19 comments:

  1. ලස්සනයි නගේ... ඒත් ඉන්න එපා ඔහොම හුදකලා... බලන් ඉන්න බැ අපිට ඉවසලා...

    ReplyDelete
  2. මිහිදුම් සළු පළදා
    දේදුනු පාට දෙතොලෙ අතුරා
    රන් පලස මත දෙපා තබලා
    දෙව්ලියේ නුඹ මගෙම වූවා

    සදවතිය සැගවී ගිහිල්ලා
    තරු පොකුරු ඇයි නීවී පායා
    නුඹ සොදුරු රුව දෙසම බලලා
    සැගවෙන්න සිතුනාද නෙතු පියන් වසලා

    ඇති නෙ.. කාලෙකින් ඔන්න කොමෙන්ටුවක් දැම්මා හොදේ..:-D

    ReplyDelete
  3. වෙල්කම් බැක් කිව්වා අක්කා.....

    ReplyDelete
  4. පබලු දැන් නෑ හුදෙකලා...
    දන්න තරමින් එක්වෙලා....
    දන්නෙ නැතිදයි නොදනි මා...
    ඇයි ද තවමත් හුදකලා...

    ReplyDelete
  5. එළය..!!

    අකුරු පේනවා මදි.. ෆොන්ට් එකේ කලර් එක මාරු කරන්න පුළුවන් නම මරු..)

    ReplyDelete
  6. කෝ තමුන් විසින්ම හැක් වෙලා උන්නා නේද. :D
    කෝම උනත් ආයෙ ආපු එක සංතෝසයි.

    ReplyDelete
  7. අලුත් වෙනසකුත් එක්ක පබලු අක්කා ආයෙමත් ඇවිල්ලා තියෙන්නේ . කවිය ලස්සනයි නොකියා මම වෙන මොනා කියන්නද ? ඔයා ඉතින් පදයක් ගැලපුවොත් ඉතින් සුපිරි තමයි ... ඔයා වගේ එලට කවි ලියන තව එකම එක්කෙනයි මම දන්නේ

    ReplyDelete
  8. මෙන්නෝ...........පබලු ආයි ඇවිල්ලෝ....... ජයවේවා.....
    -කාංචන

    ReplyDelete
  9. @දිල්නුවන් තැන්ක් Q වේවා ..
    ඒත් හුදකලාවක් නම් නැ.ලස්සන මතකයක් තියනවා.

    @පසන් මේ ලියල තියෙන්නේ ලස්සන කවියක්.කාලෙකින් කොමෙන්ට් එක බ්ලොගේට දැම්මට ඔයා හැමදාම මට කොමෙන්ට් කරනවා.හේ හේ..

    @ හසියා හ හා තැන්ක් Q වේවා මලේ

    ReplyDelete
  10. @Prabath
    පබලු නැ හුදකලා
    ඉන්නේ මිතුරන් පිරිවරා
    තැන්ක් Q වේවා !!!

    @සෝරෝ තැන්ක් Q වේවා!!
    පේනවා මදි නම් පාට මාරු කරමු.

    @අනුරාධ ඔවු ඔවු අනිත් අයව හැක් කරන්නේ නොදන්නා අය විසින් නිසා වෙනසකටත් එක්ක මමම හැක් වුනා.
    තැන්ක් Q මේ පැත්තේ ආවට

    ReplyDelete
  11. @හිස් අහස අම්මෝ මලේ මේ මුරුංගා අතු උඩ තියන්න එපා.බයේ බැ වැටෙයි කියලා.හී හී
    තැන්ක් @ !!
    ඔයා හිතන විදියට කවුදැ මේ මම වගේ එළට කවි ලියන අනිත් කෙනා :-o

    @kanchana
    ජයම වේවා!! අයියණ්ඩි .

    ReplyDelete
  12. තරු කෑට පිරිවරා
    ජිවන අහස එලිවෙලා
    තනිකමෙන් නුබ මිදෙනදා
    පුන්සදක් වගේ පායන්න..
    ඒ සිත් අහස පුරා

    ReplyDelete
  13. හරිම ලස්සනයි යාළු

    ReplyDelete
  14. මොකො මෙච්චර කල් පෙන්න හිටියේ නැත්තේ අක්කි

    ReplyDelete
  15. අඩේ මට මේක මිස් වෙලා තියෙන්නේ කොහොමද?
    මම කැලනි ගිය දවස් වල දාපු එකක් වෙන්න ඇති...
    ජය වේවා!!

    ReplyDelete
  16. @ඉලංදාරියා
    තැන්ක් Q වේවා මෙහේ ඇවිත් ගියාට වගෙම පිළිතුරු කවියටත්
    හිත් අහස පුරා
    පායන දිනක සඳ වෙලා
    තනිකමත් යනු ඇත දුරට
    නුඹ මගේ ලඟ නිසා

    @Ayesha
    තැන්ක් Q වේවා යාලු

    @Angel Shanu හැමදාම පේන්න ඉන්නකොටත් ගතියක් නැහැ වගේ නේ..ඉතින් හැංගුනා ටික දවසකට.:P

    ReplyDelete
  17. @රත්ගමයා
    රත්ගමය කැලණි ගිහින් මෙහේ ගිනිවිජ්ජුම්බරයක් නේ වුනේ. :-o :-o
    තැන්ක් Q වේවා

    ReplyDelete
  18. හරිම ලස්සනයි..... :)

    ReplyDelete