15.2.11

සිත ලඟ රැදුනේ පුරා හඳක් සේ


වසන්තයේ පිපි මල් සුවදක් සේ
දසන්තයේ දිළි හිරු කිරනක් සේ
පෙරුමන් පුරමින් අනන්තයක් සේ
හිත ලඟ නැවතුනේ පිණි බිදුවක් සේ

වළාකුලක සුදු පුලුන් රොදක් සේ
දේවදුන්නේ රැදි පාට පෙළක් සේ
නුඹේ අතින් බැදි පෙම් කවියක් සේ
සිත ලඟ රැදුනේ පුරා හඳක් සේ

පබලු

8 comments:

  1. මොකක්ද අප්පේ මේ ගෙදර අලුත් කරලා ගල් අල්ලලා......... O.o


    හිත ලඟ නැවතුනේ පිණි බිදුවක් සේ
    මේ පදේ එපා..... පිණි වියැකෙනවා ඉක්මනටම....... :( :(

    ReplyDelete
  2. බ්ලොග් එක වෙනස් වෙලා . අදහස් එදා වගේමයි . හරිම ලස්සනයි

    ReplyDelete
  3. සිහිල් සුළං රැලි අතරේ
    හිමමිදිලා මිණි කැට වාගේ
    නුඹේ දෙනෙත් දිහාබැලු මොහොතේ
    සිතෙන්නේ මට ඒ වාගේ.....

    ReplyDelete
  4. මේක දැක්කම මට පොඩි බඩුවක් මතක්වුනා.. මෙතන දාන්න ඕන නෑනේ ඒක. :p
    -කාංචන

    ReplyDelete
  5. හරිම ලස්සනයි පබලු...මම ගොඩක් රසවින්දා....

    ReplyDelete
  6. මොනා කියන්නද මන්දා?

    ReplyDelete