11.10.10

නුඹේ ලග මම රැදුනි...


හීන ගෙත්තම් කරමි
නුඹේ මුව පිරිමදිමි
විමන් දොර බිද හරිමි
නුඹේ ලග මම සරමි...

මහද විල මල් පිරුනි
නුඹට පුද දෙමි බැතිනි
නොදුටු සුර පුර මවමි
නුඹ වෙතම මම බැදෙමි...

සුනිල් විල දිය පිරුනි
සිතුම් දලු ලා වැඩුනි
අනන්තය දුර නොවුනි
නුඹේ ලග මම රැදුනි...

පබලු

19 comments:

  1. අපුරු පද ටිකක්..ලසනයි..

    ReplyDelete
  2. 10/10/10 :) ලස්සනයි.
    -කාංචන

    ReplyDelete
  3. ලස්සනයි පබළු...!!

    ReplyDelete
  4. සැමදා අසනා එකම අඬ බෙරය
    දැන් නම් කන පිරී ගොසින්...
    වෙනදා මෙන් අදත් බෑ මට ‘ලස්සනයි‘ දොඩා නොකියවා යන්න
    එකම දේ ගැනම ලියන අතර තුර වෙනස් දෙයක් ගැන ලියමු....
    එයිනි කිවිඳියගේ කවි කාර සිතුවිලි තවත් අගේ ඇති ලෙස දැනෙනුයේ....

    ReplyDelete
  5. ලස්සනයි අක්කියෝ. හැමදාමත් වගෙ. ගොඩක් කාලෙකින් ඔයව බලන්න ආවෙ. වැඩ ගොඩක් තිබුනනෙ එකයි එන්න උනේ නැත්තෙ. තරහ නෑ නේද?

    ReplyDelete
  6. නුඹ ගෙතු හීනයම
    හැමදාම ඒ ලෙසම
    මමත් ගෙතුවෙමි සොඳුර
    නොදැනුනත් එය නුඹට

    හීනෙන් හැමදාම
    එක් උනත් අප මෙලෙස
    දින ගැන්නෙ මම සොඳුර
    එක්වන්න හැබැහින්ම
    ජීවිතේ පුරාවට
    ආදරයෙන් ලඟින් ඉන්න

    ReplyDelete
  7. කාලෙකින් මමත් ඈවිත් ගියා .....පද ටික ලස්සනයි පබලු ....තනූ

    ReplyDelete
  8. දුර තිබුනු අනන්තය 10/10/2010 හිත අද්දරට ආ දනිමි......!

    ලස්සනයි......!

    ReplyDelete
  9. පබලු අක්කේ මමනම් මේ පැත්තට අළුත් ඔන්න අද තමා ආවේ ඔයාගේ කවි සේරම බැළුවා සමහරක් මෘද්‍රනය කරගත්තා තරහා නෑ නේ !

    ඔබට ජයවේවා!

    ReplyDelete
  10. @ඉලංදාරියා,කංචන,සෝරෝ ස්තුතියි....!!

    @Prabhath - හැමදාම ඉතින් ඔයා ඔහොම කියනවනේ,ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා.බලාගෙන ඉන්න.ස්තුතියි!! මල්ලි අදහසට

    @මාලි - ගොඩ කාලෙකින් හරි මතක් වුනා නම් ඒ ඇති.ඔන්න සමාව දුන්න නගේ.ඉදල හිටලවත් ඇවිත් යන්න.ස්තුතියි!!

    ReplyDelete
  11. @Nandana ලස්සනයි පිළිතුරු කවිය..ස්තුතියි!!

    @Thanu හුඟ කාලෙකින් නේද ?මෙහෙම ඉදල හිටලවත් ඇවිත් යන්න.ස්තුතියි..!!

    @පැල්පත - දන්න කියන කෙනෙක් වගේ.ඇත්තට කවුද ඔයා,
    ස්තුතියි ඇවිත් ගියාට !!

    ReplyDelete
  12. @හිත් අහස (සඳරු ) ස්තුතියි..!! ඕවා මුද්‍රනය කරගත්තට කාරි නැ.පාරවල් ගානේ අලවනවා එහෙම නෙවෙයි..

    ReplyDelete
  13. සෙට් එකට අලුතින් තමයි බෝඩිංkaraya එකතු උනේ. එත් අත්තම කියනවනම් ගොඩාක් ලස්සන අදහස් ගොන්නක් තියනව. දවසක අපේ බොඩිමටත් ගොඩ වෙල යන්න එන්න.

    ReplyDelete
  14. @පබලු අපෝ නෑ මගේ ඒන්ජල්ට පෙන්වන්න තමා ගත්තේ එයා ඕවට කැමතියි. අනික මම කිවුව්වා මේවා පබලු අක්කගේ නිර්මාන බව .

    අද මට හැපී ජයවේවා !!!

    ReplyDelete
  15. ඔන්න ඉතිං බෝඩිමට ගොඩ වෙන ආදරණීය පබලු සහොදරීට කියන්න් අලුත් අදහසක් අරන් ආව. කියවල බලල අදහසක් දෙනවනම් මේ ආගන්තුක බෝඩිංKaraya ට ලොකු හයියක් වෙයි..

    ReplyDelete
  16. @හිස් අහස ඔයාගේ අහස දැන් හිස් නැ.:)

    @බෝඩිංkaraya අනිවාර්යෙන්ම ගොඩවෙනවා.අනිත් අයගේ අදහස් තුලින් තමයි ඉදිරියේ කරන නිර්මාණවල සාරථකත්වය රැදිල තියෙන්නේ කියන එක මම හොදින්ම විශ්වාස කරනවා..ස්තුතියි ආරාධනාවට

    ReplyDelete
  17. නියමයි නියමයි අගේ ඇති පද පෙල පබලු

    ReplyDelete
  18. පබලු සහෝදරී අලුත් අදහසක් ගේන්නැද්ද? අපි බලන් ඉන්නවා..

    ReplyDelete
  19. @පුබුදුවා ස්තුතියි.!!

    @බෝඩිංKaraya හුඟ දවසකට පස්සේ ඕන්න අලුත් අදහසක් දැම්මා..ස්තුතියි.!!

    ReplyDelete