සද හිනහෙන යාමෙක
ඔබ හමුවේ නම්....
උණුහුම් ලය මත
හෙමිහිට සැතපෙන්නම්....
රවටා තරු කැන්
මුව සිපගන්නම්....
හෙමිහිට හෙමිහිට
නුබ වත දැවටෙන්නම්....
වන අරනක සිසිලස
ගෙන ඒ නම්....
ඔය දැතට සිරවී
මම සැනසෙන්නම්....
පිනි සීතට තව තව
නුබ ලං වේ නම්....
තරු පීදුනු අහසෙත්
මල් වැසි වස්සන්නම්....
පබලු
සද හිනහෙන යාමෙක
ReplyDeleteඔබ හමුවේ නම්....
ලස්සනයි...!!
නුඹ හිනැහෙන රැයෙ
ReplyDeleteසද නැත මනරම්
නුඹ රුව එතරම්
එළියයි මට නම්
වනතුරු මල් වල
සුවදට වැඩියෙන්
නුඹ ලග මල් සුව
සුවදයි මට නම්
මල් තරු නැතුවද
නුඹෙගෙ ආලයෙන්
පාලු අදුරු ලොව
එළියයි මට නම්
ලස්සනයි පබලු ..............
හලේ.......
ReplyDeleteතරු දිදුලන රාත්‍රියක
ReplyDeleteඔබ එනවා නම්
සඳ එලියක් තව කුමටද
ඔබ හිනැහේ නම්
ලස්සනයි මිතුරිය..........ඊට වඩා කියන්න රත්ගමයට තේරෙන්නේ නෑ.........
ReplyDelete@සෝරෝ ස්තුතියි !!
ReplyDelete@Pasanලස්සනයි පිලිතුරු කවිය.ඔයා ඉතින් ආවොත් ලස්සන කවියක් ලියනවමයි නේ. ස්තුතියි!!
@සහන් හලේ හලේ...ආවට ස්තුතියි!!
ReplyDelete@Nandana ස්තුතියි!! ලස්සනයි පිලිතුරු කවිය
@රත්ගමයා මේ පැත්තේ දකින්න ලැබුන එකත් සතුටක්.ස්තුතියි!!
නියමයි..!
ReplyDeleteලස්සනම ලස්සනයි.......
ReplyDeleteලස්සනයි ගොඩක්
ReplyDeleteඅපූරුයි පබලු....!!
ReplyDeleteඔබේ කවිය මගේ සිත මතට මල් වැස්සක්ම විය !!
ReplyDeleteගින්දර වගේ කවිය මාර ගති . ඇත්තමයි බොක්කෙන්ම කියන්නේ
ජයවේවා !!! පබලු
harima lassanai!
ReplyDeleteඅදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!!!!
ReplyDeleteරවටා තරු කැන්
ReplyDeleteමුව සිපගන්නම්....
හෙමිහිට හෙමිහිට
නුබ වත දැවටෙන්නම්....
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm............