14.9.10

මල් වැසි වස්සන්නම්


සද හිනහෙන යාමෙක
ඔබ හමුවේ නම්....
උණුහුම් ලය මත
හෙමිහිට සැතපෙන්නම්....

රවටා තරු කැන්
මුව සිපගන්නම්....
හෙමිහිට හෙමිහිට
නුබ වත දැවටෙන්නම්....

වන අරනක සිසිලස
ගෙන ඒ නම්....
ඔය දැතට සිරවී
මම සැනසෙන්නම්....

පිනි සීතට තව තව
නුබ ලං වේ නම්....
තරු පීදුනු අහසෙත්
මල් වැසි වස්සන්නම්....

පබලු

15 comments:

  1. සද හිනහෙන යාමෙක
    ඔබ හමුවේ නම්....

    ලස්සනයි...!!

    ReplyDelete
  2. නුඹ හිනැහෙන රැයෙ
    සද නැත මනරම්
    නුඹ රුව එතරම්
    එළියයි මට නම්

    වනතුරු මල් වල
    සුවදට වැඩියෙන්
    නුඹ ලග මල් සුව
    සුවදයි මට නම්

    මල් තරු නැතුවද
    නුඹෙගෙ ආලයෙන්
    පාලු අදුරු ලොව
    එළියයි මට නම්

    ලස්සනයි පබලු ..............

    ReplyDelete
  3. තරු දිදුලන රාත්‍රියක
    ඔබ එනවා නම්
    සඳ එලියක් තව කුමටද
    ඔබ හිනැහේ නම්

    ReplyDelete
  4. ලස්සනයි මිතුරිය..........ඊට වඩා කියන්න රත්ගමයට තේරෙන්නේ නෑ.........

    ReplyDelete
  5. @සෝරෝ ස්තුතියි !!

    @Pasanලස්සනයි පිලිතුරු කවිය.ඔයා ඉතින් ආවොත් ලස්සන කවියක් ලියනවමයි නේ. ස්තුතියි!!

    ReplyDelete
  6. @සහන් හලේ හලේ...ආවට ස්තුතියි!!

    @Nandana ස්තුතියි!! ලස්සනයි පිලිතුරු කවිය

    @රත්ගමයා මේ පැත්තේ දකින්න ලැබුන එකත් සතුටක්.ස්තුතියි!!

    ReplyDelete
  7. ලස්සනම ලස්සනයි.......

    ReplyDelete
  8. ඔබේ කවිය මගේ සිත මතට මල් වැස්සක්ම විය !!

    ගින්දර වගේ කවිය මාර ගති . ඇත්තමයි බොක්කෙන්ම කියන්නේ

    ජයවේවා !!! පබලු

    ReplyDelete
  9. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!!!!

    ReplyDelete
  10. රවටා තරු කැන්
    මුව සිපගන්නම්....
    හෙමිහිට හෙමිහිට
    නුබ වත දැවටෙන්නම්....

    Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm............

    ReplyDelete