7.9.10

බොළද හීනය


දෙ අත් පටලා වීදියේ
එහාකොන ඇවිද යන්නට
දැස් පටලා ලෑලි බංකුවේ
බොළද හීනය මට දකින්නට
දිනක් නැති බව දනිමි මුත් මම
පතන අමයුරු පැතුම නුබමය

හිතක් ඇති නැති
නපුරු කම රැදි
ලොවක් අභියස
කදුලු කැට පොදි
හිමිව ලතැවෙන්නට
දිනක් ඇති
බවක් දැන දැන
නුබව පතනෙමි

මළත් කම නැති
දෙවුර මත ඔය
සියුම් වදනක්
සෙත් පිරිත් වන
උපන් සහසක්
පැතුම් පොඩි කර
නොඑන නින්දේ
වැතිර ඉකිලන
මමයි නුබවම
පතා ලතැවෙන

පබලු

13 comments:

  1. ඔයා මලොත් එයා මෙහෙම කියයි

    මලත් අනේ මල හොල්මන මගෙ පස්සෙන්...
    කලක් ගියත් එයි තවමත් රෑ අස්සෙන්....
    වලක් වලා මගෙ සිත් තුල තැති ගැස්මන්....
    දෙවියෙක් වත් ඇවිත් මේකිව උස්සන් පලයන්..

    ReplyDelete
  2. දෙ අත් පැටලුනු
    එකම දිනයක...
    මලත් කම් නැත
    එකම මොහොතක...

    අන්න එහෙම කියයි මැරෙන්න කලියෙන්..

    ස්තුතියි අදහස කියල යන්න ආවට........

    ReplyDelete
  3. මියදෙන්න පෙර
    දකින්නට වරක් වත් ඔය රුව
    පිං මදිද මං කෙරුව
    තබන්නට හිස නුඹෙ උකුල මත

    ලස්සනයි ලස්සනයි.....:D

    ReplyDelete
  4. මේ ඉන්න ටික කාලයේ කාලාබීලා ඉන්න ඕනි.බොළද හින පැත්තක
    තියලා):-T

    ReplyDelete
  5. ane oya man hinda ochchara duk vdinawa kiyala dannawanam hoyagena hari enawane.......araka hoyaganna 1 petthakin tiyala......:D

    ReplyDelete
  6. බුරන හදවත්
    රත් දෙතොල්
    පිරුණු කම්මුල්
    සියුමැලි සිතින්
    මේවා තිබුනට
    මැෂින් නොව බව
    පසක් කරනට
    මේ මිනිස්බව
    අපට ඉතිරව
    තියන එකදෙය
    අපේ බොලදකම

    ReplyDelete
  7. @පිස්සා ස්තුතියි!!!

    @Pasan මේ ඇවිත් ඉන්නව නේ,ලස්සන කවියක් එහෙම ලියල තියෙන්නේ.ස්තුතියි යාලුවා.

    මියදෙන්න පෙර
    නුබේ ඔය පපුතුර මත
    තියා සැනසෙන්නට හිස
    දිනක් එනතුරු බලා ඉමි මම

    ReplyDelete
  8. @තක්ෂිල ආදරේට බොළද කමත් තියෙන්නේ ඕන.නැත්නම් ආදරේ ලස්සන නැහැ.ස්තුත්යි!!

    Andrew අපෝ මේ ඔයාද Andrew..ඔයා ඒක හොයන එක පැත්තක තියන එක හොදයි .නැත්නම් අපරාදේ ඔයාගේ මහන්සිය.ඔයා ගැන දුක්වෙනවට වඩා ඉතින් මට රාජකාරි තියනවා.LOlz
    යාලුවා ස්තුතියි මෙහේ ඇවිත් ගියාට

    ReplyDelete
  9. @lemonade ස්තුතියි !! ලස්සනයි කවිය ඔයාගේ ...

    මැෂින් නොව බව
    පසක් කරනට
    මේ මිනිස්බව
    අපට ඉතිරව
    තියන එකදෙය
    අපේ බොලදකම

    ReplyDelete
  10. සමාවෙන්න ඕනි එත් අක්කේ බොළද කම වැඩිවුණාම ආදරේ ඇණේනවා නේ....?

    ReplyDelete
  11. @තක්ශිල බොළද කම වැඩි වුනාම ආදරේ ඇනෙනවා නෙවෙයි ආදරේ වැඩියෙන් දැනෙනවා.බොළද වෙන්න ඕන වෙලාවට බොළද වෙන්න.හැබැයි ඒ බොළද කම ජීවිතය නෙවෙයි ආදරේට විතරක් තියාගන්න.මේ මගේ අදහස විතරයි. :D :D

    ReplyDelete
  12. e bolada hinaya lagadima hinayakata witharak sima nowi aththak wenawa pabalu

    ReplyDelete