29.8.10

සදවතී


රෝස යහනෙ සැතපිලා
ඉන්නවා නම් ගුලිවෙලා
සෙනෙහසින් තව ලන්වෙලා
සිපගනිමි ඔය නෙත් වසා

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

සියුම් අතැගිලි උණුහුමයි
අකුරු කල කුලුදුල් පෙමයි
පීදි තරු ඇස් නුබේ තමයි
සිතත් දොඩමලු වෙන හැඩයි

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

නෙතු පියා දැහැනට වැදී
හීන අතරින් පාවෙවී
ඇන්ද සිත්තම් වල එතී
පාවෙලා යමු සදවතී

ගැයු සමනල් ප්‍රේමයේ
පද පෙළයි නුබ හංසියේ

පබලු

17 comments:

  1. ඔන්න අද වෙනද වගේ නැතුව ආපු බව කියලම යන්න හිතුවා.....

    ReplyDelete
  2. aha.. CoooL .. nice one pabalu....keep it up...

    ගැයු සමනල් ප්‍රේමයේ
    පද පෙළයි නුබ හංසියේ
    Nice NIce...:D

    ReplyDelete
  3. නියමයි! :)
    අනේ ඔහොම මට හිතෙන්නෙ නැහැ නෙව ලියන්න :(

    ReplyDelete
  4. පද පෙල නියමයි අක්කියෝ.....සොදුරු අතීතෙකට හිත ගියා....මතකය ඇවිස්සුවාට ස්තූතියි හොදේ....

    ReplyDelete
  5. ගැයු සමනල් ප්‍රෙමයේ
    පද ගියේ වියැකී බොඳවෙලා
    දුකින් දොම්නසින් සතින් විඳවමින්
    සිටිනුයේ කුමකටද මා...

    ReplyDelete
  6. ගැයු සමනල් ප්‍රේමයේ
    පද පෙළයි නුබ හංසියේ

    මම කියන්න ඕන කවි ඔයානෙ කියන්නෙ. කමක් නෑ ඉතින්.

    ගොඩ දවසකින් නේද මේ කමෙන්ට් එකක් දාන්නෙ. ඒක නෙමෙයි ඔන්න අර්ධ ශතකෙට මගෙන් උනුසුම් සුබ පැතුම්

    ReplyDelete
  7. @කාංචන ආවට ස්තුතියි!!

    @Dasun හංසයා කවුද කියලා මාත් හොයනවා.මුණගැහුන විගස කියන්නම්.ස්තුතියි..

    @Dishan ස්තුතියි....

    @Kani හිතෙන්නේ නම් හිතුවහම.උත්සහාකරල බලන්න බැරි වෙන එකක් නැ ලස්සනට හිතන්න .ස්තුතියි !!

    ReplyDelete
  8. @ගීත් ස්තුතියි..නිතර ඇවිත් යන්න.

    @හසියා මේ සාඩම්බර හසී පවුලේ සාමාජිකයා නේද ?බොහෝම සන්තෝසයි මෙහේ ඇවිත් යනවට.ඒ වගේම අදහස්වලට.

    @Prabath
    සමනල් ප්‍රේමය ගෙනා
    සොදුරු මතක සිත දරා
    හිනහෙන්න ජීවිතය පුරා..ස්තුතියි ලස්සන කවියක් ලිව්වට

    ReplyDelete
  9. @හංසි ගැන ඔයා කියන්නේ නැති නිසා ඕං මම කිව්වා...ස්තුතියි අර්ධශතකෙට සුභ පැතුවට...නිවාඩු තියන වෙලාවට ඇවිත් යන්න මේ පැත්තේ..

    @Ano පබලු......ඉන්නවා.. :D :D

    @raveen ස්තුතියි මල්ලියා..

    ReplyDelete
  10. අනේ මන්ද මොනා කියන්නද කියලා.

    හැමදාම කියනවා වගේ ඔයා මෙහෙම හුදකලාව කවි ලියාගෙන ඉන්න ඕන කෙනෙක් නෙවී. ගස් ගල් ගානට ගායක ගායිකාවෝ බිහිවෙන මෙවන් යුගයක නිස්සාරන පද ටිකක් ගැට ගහගෙන ලස්සන තනුවක අමුන ගන්න අයගේ ඇස නොගැටෙන්නේ ඇයි මේ වගේ මී බිදු කවි පද. අවස්ථාව ගෙදරට නොයෙන එකේ ඔයාට බැරිද පොඩි ට්රනයි එකක් දාලා ටිකක් මහන්සි වෙලා මේවා බ්ලොග් අවකාශයෙන් එපිට සවන් පත් අතරට ගෙන යන්න උත්සහ කරන්න. මගේ නිර්මාන වල නම් ලස්සන අවලස්සන කෙසේ වෙතත් මම නම් උත්සහයක් දරමින් ඉන්නවා බ්ලොග් අවකාශයෙන් එපිටට යන්න. අපි හැමෝම එකතු වෙලා උත්සහ කලොත් කාට හරි අවස්ථාවක් උදා වෙයි. එදාට අපේ එකෙක්ගේ වැඩක් නේද කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. උත්සහ කරන්න පබළු යමුනා මාලීනී කෙනෙක් වෙන්න. ඔයාට පුළුවන් ඊටත් වඩා කෙනෙක් වෙන්න.

    ReplyDelete
  11. ඔන්න අක්කියෝ මේ පැත්තට ආවට මොකුත් කියන්නෑනේ..අද ඔන්න පුළුවන් වුණා..කවිය නම් හැමදාම වගේ ලස්සනයි..කොහොමද තනුවක් එහෙම දාලා මේක කිව්වොත්?..ඔයාට අනිවාර්යයෙන් ඒ දේ කවදා හරි කරන්න ලැබේවා කියලා පතනවා.මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  12. @ගීත් ඔයා මාව මුරුංගා අත්තේ තියනවා වත් ද?ලොල්z
    ඔයාගේ අදහස නම් හොදයි,අවශ්තාව අපි ලගට එන්නේ නැත්නම් අපි අවශ්තාව ලඟට යන්න ඕන.ඉස්සරහටවත් බලමු.
    ගොඩාක් ස්තුතියි ..යෝජනාවට වගේම මෙහේ නිතර ඇවිත් හොද නරක කියනවට.. :D :D

    @Dil මෙහේදි දකින්න ලැබුන එකත් සතුටක්.
    ගොඩාක් ස්තුතියි දිල්..තනුවක් දාලා අපිවත් කියමු. :D :Dනැ නැ ගයමු :P :P

    ReplyDelete