19.8.10

මම කල්පය පහන් කලා


සිතුවිලි දඟ කෙරුවා
නුබ එන පෙරමං බැලුවා
හසරැල් නෙත රැදුනා
නුබ සුවද ලග දැනිලා

පැතුමන් හද පුරවා
නුබේ උණුහුම මම පැතුවා
සද තරු අහස වසා මුත්
සෙනෙහස දෝරේ ගියා

නිල් පිණි පලසක් එලලා
මුදු සීතට සිත දැවුනා
ඔය හිත යටට වෙලා
මම කල්පය පහන් කලා

පබලු

15 comments:

  1. ආදරය කරන කොට නම් කල්පයක් කියන්නේ තත්පරෙනුත් දශම ගානක් කියලයි මම නම් අහලා තියෙන්නේ......

    ReplyDelete
  2. ඔය හිත යටට වෙලා
    මම කල්පය පහන් කලා

    ලස්සනයි ගොඩාක්...

    චේජනා

    ReplyDelete
  3. ලඟ ඇති කොට කල්පය තත්පරෙනුත් පංගු
    ලඟ නැති කොට තත්පරයෙන් පංගුත් කල්ප ගණන්

    ReplyDelete
  4. නුඹ එන තුරු මගේ වෙලා
    හිටියෙමි කල්පයක් බලා
    නුඹ ඇවිදින් තුරුලු වෙලා
    කල්පයක්ම පහන් කරා

    නිල් පිණි පලසක් එළලා
    සමන් පිච්ච මල් අතුරා
    නුඹ එන මග සරසාලා
    කැන්දන් යමි මගෙ කරලා

    ලස්සනයි පබලු.. ඔන්න අද නන් කලින් දැක්ක පෝස්ට් එක... :D

    ReplyDelete
  5. niyamai niyamai.....mara lassanai......pabalu...

    ReplyDelete
  6. නිල් පිණි පලසක් එලලා
    සිසිලසකින් සිත නිවුනා
    ඔය දෑතේ පැටලුනු මා
    පොඩි ළදැරියකැයි සිතුනා
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. Shaaahh.. Nice nice...kp it up..:D

    ReplyDelete
  8. සිතුවිලි සඟවන්න
    පෙරමඟ නොබලන්න
    හසරැලි නවතන්න
    ආයෙත් හමුවෙමුද......??

    My 1st comment on this site.. Nice... keep it up. congratZzzz..

    ReplyDelete
  9. ම්ම්ම්මම්....අවංක ආදරයේ හැගීම් දනවන අනර්ඝ පදපෙලක්...කදුළුත් ඉනුවා.....

    (අක්කියෝ ඔයාගේ මේ බ්ලොග් එක සිංහල බ්ලොගර්ස් සින්ඩියේ නැද්ද...?)

    ReplyDelete
  10. මට නම් මොකුත් මේ මොහොතෙ හිතෙන්නෑ අක්කේ..
    කවි පෙළ ලස්සනයි...

    ReplyDelete
  11. ඇත්තට මේවා කල්පනාවෙන්නේ කොහොමද...? ඒත් ලස්සනයි...!!

    ReplyDelete
  12. Taman Karana Nirmaanayaka Hoda Naraka Kiyana Eka, A Nirmaanaya Karapu Kenata Godak Watinawa... Eka Stutak.. Godak Loku Satutak.. Kiyaganna Bari Taram Satutak.. Oyaage Wachana Godak Lassanai Pabalu..
    Hithin Metanama Nawatinna Hitenawa... A Taramatama Oyage Wachana Lassanai Pabalu...

    ReplyDelete
  13. ලසනයි සොදුරු හැගිමක්

    ReplyDelete
  14. දොරේ ගලනා ආදරයට
    සිතුවමක් ඇදි ඔබ
    ආදරයේ උණුසුම ඔබම විය.....

    ReplyDelete
  15. පිළිතුරු ලියන්න පමා වුනාට සමාවෙන්න....
    ස්තුතියි අදහස් දක්වපු හැමෝටම,

    ReplyDelete