16.6.10

මලක් මෙන් පිපි ඇගේ ලෝකය


ඉහිරෙනා කිරි සුවද අතරින්
අදරේ සිත වෑහිලා
මගේ ආදර චූටි නංගියා
ජීවිතේ සුව සොයනවා

විජිතයේ අපේ පුංචි දෙව්දුව
ලොකු වෙලා දෝ හැගෙනවා
මලක් මෙන් පිපි ඇගේ ලෝකය
තැලෙයිදෝ බය හිතෙනවා

ඇගේ සිත වැසු දුහුල් සලු පට
උනන්නට හිත කියනවා
ප්‍රේමයේ සුව නොදනීද නුබ
අසයි දෝ බය හිතෙනවා

පබලු

19 comments:

  1. පබලු ලස්සනයි..... මම ආපහු මෙතනට එන්නම්..

    ReplyDelete
  2. @රවා සන්තෝසයි.ආයෙම දකින්න ලැබුනට.නොකියා හිටියට හිතුනා රවා මේ පැත්තේ ආවේ නැහැ කියලා.ස්තුතියි!!

    ReplyDelete
  3. මැණික්(සුළඟ)June 17, 2010 at 8:05 AM

    ම්.. ලස්සනයි පබළු. හැමදාම ඉතින් "පබළු පබළු වගේ දිලෙන" ඒවා තමයි ලියන්නේ.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. "ඉහිරෙනා කිරි සුවද අතරින්
    අදරේ සිත වෑහිලා
    මගේ ආදර චූටි නංගියා
    ජීවිතේ සුව සොයනවා"


    ජිවිතේ හැටි ඔහොම තමා ඇය දැන් ලොකුවෙලා.....ඔබේ වගකීම් වැඩිවෙලා...
    ලොක දර්මතාවයන් අපිට දෙනදේවල් වලක්වන්න අපිට බැහැනේ ...ඇයට හොදනරක කියලා දෙන්න...

    ReplyDelete
  6. ae mechchara lassanata virahawa vitharak liyawenne. blog loke inna okkoma boot kapu hari adaren lost wunu aya wagei. natnam lassana hitak, adahas tiyena ayata kawdawath hitana patana adarayak labenne nadda?

    ReplyDelete
  7. @මැණික්(සුළඟ) ස්තුතියි !!!මැණික් මෙහේ ඇවිත් ගියාට..

    @ඉලංදාරියා මේ සිදුවීම මම මවාගත්ත දෙයක්.මේ මගේ ජීවිතේ නෙවෙයි.කොහොම වුනත් නංගිලා ඉන්න අක්කලාට ලොකු වගකීමක් තියනවා.ස්තුතියි!! මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  8. @Anonymous යාලුවාලැබෙන නොලැබෙන එක ලෝක ස්වභාවය.තමන්ට උරුම දේවල් තමන් ලගට එනවා.තමන්ට දැනෙන හැගෙන දේවල් අනිත් අය එක බෙදාගන්න කැමති වගේම අකමැති පිරිසකුත් ඉන්නවා.අනික මේ බ්ලොග් ලියන හැමෝම විරහව ගැන ලියන්නේ නැහැ.සිංහල බ්ලොග් කියවනය http://blogs.sinhalabloggers.com/ පැත්තේ ගිහින් බලන්න කොයිතරම් වෙනස් දේවල් තියනවද කියලා.
    ස්තුතියි !!මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  9. ලස්සනයි පබලු ගොඩක් ලස්නයි අද පිළීතුරු කවියකට වෙලා නෑ හෙට එකක් දාන්නන්කො

    ReplyDelete
  10. ela wada mchn...puluwannam elakiri widiyata wadina poems tikak dannako...

    ReplyDelete
  11. නොදත් දේ ගැන කියා දෙන්නට අක්කා ලඟ සිටිනවා
    නංගිගේ තනියට, නිසි මග පවසන්නට ඇය අසලම රැ‍‍දේවා..
    ආදරේ සොයනට නොවේ මේ කාලය, ඊට නිසි කල් ලැබෙනවා
    එතෙක් සිටියොත් වඩා ‍අගේ යයි මා සිතටනම් හැ‍ඟෙනවා...

    ReplyDelete
  12. හරිම ලස්සනයි අක්කේ

    ReplyDelete
  13. @Pasan ,මෙහේ ඇවිත් ගියාට ස්තුතියි පසන්.

    @Ano.ස්තුතියි!!

    @Prabath
    අක්කා ලග ඉන්නා විට
    දුකක් කොයිද නංගිලාට
    දුකට සැපට දෙකට ලගම
    ඉන්න අක්ක මම නොවේද ..

    @Hasitha ස්තුතියි මල්ලියා

    ReplyDelete
  14. නංගිලා ඉන්න අයියලාටත් වගකීම් තියෙනවා

    ReplyDelete
  15. නංගිලා ඉන්න අයියලාටත් වගකීම් තියෙනවා

    ReplyDelete
  16. ලස්සනයි පබළු....

    ReplyDelete
  17. @RajaSliit අනිවාර්යෙන්ම වගකීමක් තියනවා නංගිලා ඉන්න අය්යලටත්...

    @සෝරෝ ස්තුතියි සොරෝ මෙහේ ඇවිත් ගියාට..

    ReplyDelete
  18. Anonymous Likes This....... Bayawenna Epa Oyaaaaaaaaaaaaa...
    Eya Hari Waradda Toraganii.. Api Laginma Imu...

    ReplyDelete