ඔය දෑස් අග මම හීනයක් ඇන්දා
හිනාවෙන ගහ කොළත්
කතා කියන ඇළ දොලත්
ඈ පමා වුනත් අද ඉතින්
මම හීනයක් ඇන්දා .......
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා
මුදු සිනහා මවෙත හෙළලා
සිත පුරා හැගුම් පුබුදා
සැගවුනත් පැතුම් පුරවා
සද තරුත් මගෙයි හිතුනා
මම හීනයක් ඇන්දා .....
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා
ඈ මලක් වෙලා පිපුනා
ඒ සුවද මහද රැදුනා
මම ඇන්ද හීනය පුරා තව
පාට රටා මැවුනා
මම හීනයක් ඇන්දා ...........
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා
පබලු
දෑස අග නෙතු පිය මත
ReplyDeleteසිතුවම් කල සිහිනයකි මතකය
සිහිනයෙන් පිබිදී
බැලූ කල සිසාරා...
දුටු සිහිනය බොඳව ගොස්
ඉරි තැලී පලුදු වූ මතකයම ඉතිරි වුනා....
හිනා වෙන ගහ කොල
ReplyDeleteගලන මුදු ගං දිය
රළ නැගු සයුරු තෙර
හීනයක් මැව්වා
නුඹ නමින් එහි හීන මැව්වා
ගහ කොළද මැල විලා
ගෑලූ ගග වියළිලා
නැගුනු රළ නැතිවෙලා
හීනයම බොද උනා
නුඹ ඇවිත් ඒ හීනයම බොද කලා
හානේ මුතු වාගෙ කවි ගොඩායි....
ReplyDeleteලස්සනයි අක්කියෝ.........
ReplyDeleteලස්සන ගීතයකට කියාපු පදවැලක්.හුගක් ලස්සනයි.මගේ සුභ පැතුම්.
ReplyDelete@Prabhath Darshana
ReplyDeleteසිහිනයක මතකය
හිත හිනස්සන විට
සිහිනය සිහිනයක්ම බව
නොතේරෙනු ඇත..
සිහිනය පැතුම ක් වු විට
ඒ පැතුම් සැබැ වු විට
හිත මෙන්ම සිතුවිලිද
හිනා වෙනු ඇත..
හීන තියෙන්නේ දකින්නය
අපිට තියෙන්නේ සැබෑ කරගැනීමය..
@Pasan
නුබ තනිව මැව් හීන
හිත තුලම මියැදිලා...
මම කුමට දුක් වෙන්නේ
මගේ හිත හිනහුනා....
ස්තුතියි අදහස් දැක්වුවට
@indi ස්තුතියි!!!
ReplyDeleteමුතු වලට වැඩිය ඔය අදහස් මට වටිනවා
@හසියා & අරවින්ද ස්තුතියි !!!
very nice I like same my life
ReplyDeleteහිනාවෙන්න බැරි තරමට..... සින්දුව වගේ
ReplyDeleteNice aaah :)
ReplyDeleteසිහින ලොවක කල් ගෙවමින්
ReplyDeleteසැබෑ නොවුනු කල කඳුලු සලමින්
තැවෙන්නට ඕනෑනම්, දැකිය හැක සිහින අපමන
දුටු කිසිවක් සැබෑ නොවු කල...
සැබෑ වූ සිහින දුටු අයුරු නොවූ කල
ජීවිතයේ සැබැ අරුත, පසක් වේය පිබිදුනු සිහිනයකින.
සිහින ඇත දකින්නට...
එහෙත් අවැසි නැත බලන්නට...
ජීවිතයට ගලා යනු පිණිස...
ඉඩ හැර බලා සිටිමි මම...
සිහිනයක් බොදව ගිය..
ReplyDeleteමොහොතකට සැලී ගිය..
යලිත් නැගී සිටවූ දිවිය..
හදවතක ඇති සවිය..
නොතැකුවේ කවරෙක්ද?
@Anonymous thank you
ReplyDelete@සහන් ස්තුතියි!!! හිනාවෙන්න බැරි නම් අඩමු ;)
@KaniRockz Thanks Ahaa.. :D
@Prabhath Darshana
ReplyDeleteමට අවැසි මගේ සිහිනය
දකින්නට...
ඒ දෙස නෙතු හැර බලන්නට
අවසරයි ...
නොපවතින හැමදේම
පසුව සිහිනයක් වන බැව්
දනිමි දැනෙමි..
නමුත් ..,
අවසරයි දකින්න
මට මගේ සිහිනය...
@නිපුන චාමින්ද
ReplyDeleteඑක සිහිනයක් බිදුනු විට
තව සිහින දකිනු ඇත..
සිහිනය සැබැ වු කල
එය තව දුරටත්
සිහිනයක් නොවෙයි..
ස්තුතියි!! අදහස් දැක්වුවට.. :D :D :D
ලස්සනයි!
ReplyDelete@AmiLa ස්තුතියි !!!
ReplyDeleteCommig Soon Hina Wena Gaha Kolath(ඔය දෑස් අග මම හීනයක් ඇන්දා) Song.....
ReplyDelete