9.6.10

ඔය දෑස් අග මම හීනයක් ඇන්දා


හිනාවෙන ගහ කොළත්
කතා කියන ඇළ දොලත්
ඈ පමා වුනත් අද ඉතින්
මම හීනයක් ඇන්දා .......
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

මුදු සිනහා මවෙත හෙළලා
සිත පුරා හැගුම් පුබුදා
සැගවුනත් පැතුම් පුරවා
සද තරුත් මගෙයි හිතුනා
මම හීනයක් ඇන්දා .....
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

ඈ මලක් වෙලා පිපුනා
ඒ සුවද මහද රැදුනා
මම ඇන්ද හීනය පුරා තව
පාට රටා මැවුනා
මම හීනයක් ඇන්දා ...........
ඔය දෑස් අග මම හීනයක් ඇන්දා

පබලු

18 comments:

  1. දෑස අග නෙතු පිය මත
    සිතුවම් කල සිහිනයකි මතකය
    සිහිනයෙන් පිබිදී
    බැලූ කල සිසාරා...
    දුටු සිහිනය බොඳව ගොස්
    ඉරි තැලී පලුදු වූ මතකයම ඉතිරි වුනා....

    ReplyDelete
  2. හිනා වෙන ගහ කොල
    ගලන මුදු ගං දිය
    රළ නැගු සයුරු තෙර
    හීනයක් මැව්වා
    නු​ඹ නමින් එහි හීන මැව්වා

    ගහ කොළද මැල විලා
    ගෑලූ ගග වියළිලා
    නැගුනු රළ නැතිවෙලා
    හීනයම බොද උනා
    නුඹ ඇවිත් ඒ හීනයම බොද කලා

    ReplyDelete
  3. හානේ මුතු වාගෙ කවි ගොඩායි....

    ReplyDelete
  4. ලස්සනයි අක්කියෝ.........

    ReplyDelete
  5. ලස්සන ගීතයකට කියාපු පදවැලක්.හුගක් ලස්සනයි.මගේ සුභ පැතුම්.

    ReplyDelete
  6. @Prabhath Darshana
    සිහිනයක මතකය
    හිත හිනස්සන විට
    සිහිනය සිහිනයක්ම බව
    නොතේරෙනු ඇත..

    සිහිනය පැතුම ක් වු විට
    ඒ පැතුම් සැබැ වු විට
    හිත මෙන්ම සිතුවිලිද
    හිනා වෙනු ඇත..

    හීන තියෙන්නේ දකින්නය
    අපිට තියෙන්නේ සැබෑ කරගැනීමය..

    @Pasan
    නුබ තනිව මැව් හීන
    හිත තුලම මියැදිලා...
    මම කුමට දුක් වෙන්නේ
    මගේ හිත හිනහුනා....

    ස්තුතියි අදහස් දැක්වුවට

    ReplyDelete
  7. @indi ස්තුතියි!!!
    මුතු වලට වැඩිය ඔය අදහස් මට වටිනවා

    @හසියා & අරවින්ද ස්තුතියි !!!

    ReplyDelete
  8. very nice I like same my life

    ReplyDelete
  9. හිනාවෙන්න බැරි තරමට..... සින්දුව වගේ

    ReplyDelete
  10. සිහින ලොවක කල් ගෙවමින්
    සැබෑ නොවුනු කල කඳුලු සලමින්
    තැවෙන්නට ඕනෑනම්, දැකිය හැක සිහින අපමන

    දුටු කිසිවක් සැබෑ නොවු කල...
    සැබෑ වූ සිහින දුටු අයුරු නොවූ කල
    ජීවිතයේ සැබැ අරුත, පසක් වේය පිබිදුනු සිහිනයකින.

    සිහින ඇත දකින්නට...
    එහෙත් අවැසි නැත බලන්නට...
    ජී‍විතයට ගලා යනු පිණිස...
    ඉඩ හැර බලා සිටිමි මම...

    ReplyDelete
  11. සිහිනයක් බොදව ගිය..
    මොහොතකට සැලී ගිය..
    යලිත් නැගී සිටවූ දිවිය..
    හදවතක ඇති සවිය..

    නොතැකුවේ කවරෙක්ද?

    ReplyDelete
  12. @Anonymous thank you

    @සහන් ස්තුතියි!!! හිනාවෙන්න බැරි නම් අඩමු ;)

    @KaniRockz Thanks Ahaa.. :D

    ReplyDelete
  13. @Prabhath Darshana
    මට අවැසි මගේ සිහිනය
    දකින්නට...
    ඒ දෙස නෙතු හැර බලන්නට
    අවසරයි ...

    නොපවතින හැමදේම
    පසුව සිහිනයක් වන බැව්
    දනිමි දැනෙමි..
    නමුත් ..,
    අවසරයි දකින්න
    මට මගේ සිහිනය...

    ReplyDelete
  14. @නිපුන චාමින්ද
    එක සිහිනයක් බිදුනු විට
    තව සිහින දකිනු ඇත..
    සිහිනය සැබැ වු කල
    එය තව දුරටත්
    සිහිනයක් නොවෙයි..

    ස්තුතියි!! අදහස් දැක්වුවට.. :D :D :D

    ReplyDelete
  15. @AmiLa ස්තුතියි !!!

    ReplyDelete
  16. Commig Soon Hina Wena Gaha Kolath(ඔය දෑස් අග මම හීනයක් ඇන්දා) Song.....

    ReplyDelete