4.6.10

මතක එක් තැන් කරන් ඇස් ලග



මතක එක් තැන් කරන් ඇස් ලග
නැවතුනා මම සසර සැරි ලෙස
සියොලගම සනසනා නුබේ පෙම
සතපවා ගති සිතෙහි බැතියෙන

යොමා නුබ වෙත පිදු සෙනෙහස
දරාගන්නට නොහැකි ලෙස අද
හිතේ අනිකට ඉඩක් නැති ලෙස
බැදී ඇත්තෙය නුබේ සෙනෙහස

පවුරු නම් ඇත බොහෝ අප වෙත
නමුදු කම් නැ නොතැවි සිටියෙන
දිනක ඔබ වෙත එන්න පින් ඇත
කියා සැනසෙන හිතම බොළදද..?

පබලු

16 comments:

  1. අපිනම් දන්නෙ නෑ.

    ReplyDelete
  2. දැක්ක කල් කවි මඩුවෙන් පස්සේ මට මතක නම්...........
    දුක හිතෙන කවියක් ලියලා ඇයි?

    ReplyDelete
  3. පබලුට නිදාගත්තම හීනෙන් පේන්නෙත් මේවලු....

    ReplyDelete
  4. පවුරු බධා නම් එමට බව සෑබෑය..
    නමුත් පබලු දෙවියන් "ලොවෙත්" ඔබ දෙදෙන සමගයි..
    මගේ පෑතුමත් එයමයි......
    All Is Well

    ReplyDelete
  5. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  6. @dinesh අපි දන්නෙත් නැහැ

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය - හා ඔව්මයි කවිමඩුවෙන් පස්සේ වගේ තමයි.ඉතින් ඉතින් ..?
    කාලෙකට පස්සේ ලොකු බලාපොරොත්තුවක් වෙනුවෙන් පොඩි කවියක් ලිව්වා.දැන් දුක හිතෙනවා වගේ වුනාට ඉස්සරහට සතුටක් වෙයි... :D

    @පොඩි මහත්තයා - නැ නැ දැන් නිදා නොගෙනත් හීන පේනවා.. :P

    ReplyDelete
  7. @RajaSliit ස්තුතියි...!! දෙවියන් නැතත් ඔයාල ලග ඉන්නව නේ....

    http://blogsinhala.com/ එක්ක මමත් එකතු වුනා...

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!!!!!!!!! :D :D

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...අපි ඉන්නවා ඔබ දෙපල එක්ක............

    ReplyDelete
  9. ඔයා කවදා හරි ලංකාවේ ගී පද රචිකාවක් වෙන කොට පබළු කියන නමම භාවිතා කරන්න. ගී පද වගේම නමත් ආකර්ෂනීයයි

    ReplyDelete
  10. @RajaSliit ස්තුතියි!!!

    @amaus :) :) :)

    @ගීත් (සහෘදයා)
    ගීත් අය්යා පුදුම හීනයක් නේ පෙන්නුවේ හි හී.එහෙමයි එහෙමයි කවදවත් මගේ නම වෙනස් කරන්නේ නැහැ.
    ස්තුතියි!!

    ReplyDelete
  11. දවස් ගානක් හිතුව පිළිතුරු කවියක් හිතට ආවෙම නෑනෙ..... හරිම ලස්සනයි නිර්මාණය....

    ReplyDelete
  12. හ්ම්ම්.. ලස්සනයි..
    "දිනක ඔබ වෙත එන්න පින් ඇත
    කියා සැනසෙන හිතම බොළදද..?"

    බොලද කම නොවෙයි.. ආදරයම නොවේද එය??

    ReplyDelete
  13. @Pasan ස්තුතියි!!! පිළිතුරු කවි ලියන්න හපනට මොකද උනේ.හිත එක තැනක නැතුව වත් ද ? ;)

    @රෙහාන් මමත් හිතන්නේ ඒක බොළදකම ම නෙවෙයි.ස්තුතියි!!!

    ReplyDelete
  14. මන් දැකපු ලස්සනම බ්ලොග් එකක් ඔයට තියෙන්නේ,,සමහරවිට මන් කවියට ගීතයට ආදරය කරන නිසා වෙන්නත් පුලුවන්,,,,මගෙ බ්ලොග් එකට අවිත් ගිහින් තිබුන,,කොම්මෙන්ට්ස් වලට හුගක් ස්තුතියි ඔයට,,,කොහොම උනත් දිගටම ලියන්න..ඔයට තියෙන්නෙ හොද අදහස් ගලන් එන සිතක්...නියමඉ..මන් රුවන්,..

    ReplyDelete
  15. @ruwan ගොඩාක් ස්තුතියි!! මෙහෙදි ඔයාව දකින්න ලැබුන එක සතුටක්

    ReplyDelete