30.10.09

හිත පස්සෙන් - මම ගියාට - ආපහු එය නොලැබුනාට ......


මටත් හොරෙන්
හිතත් අරන්
දුරට දුරට
යනවා දැක්කා......
හිත පස්සෙන්
මම ගියාට
ආපහු එය
නොලැබුනාට ......

සිනහා පොකුරු
මගේ හිතවට
නැලවෙනු දැක්කා......

මගේ කවි

27.10.09

රැව්දෙන ඔය මතකය මම - හිතා අද්දර රදවා ගතිමි.......


සඳ ලග තනියම හිඳ
තරුවක් හඩනවා ඇහුනා
වැට ලඟ හිඳ තරු ලග හිත
රදවා මම කවියක් ලිව්වා.....

දින සති ගෙවි මා සිත ලඟ
තරුවක් හිනහෙනු දැනුනා
ඒ හිත ලග නවතින්නට
වරුවක් මම පාරමි පිරුවා.....

ලස්සන හිත ලඟ දිස්වෙන මා හද
ගැස්සුනෙ සිහිනෙන් පිබිදි
රැව්දෙන ඔය මතකය මම
හිත අද්දර රදවා ගතිමි......

මගේ කවි

25.10.09

ඇයි මේ තරම් අපි අපට දුර...?


එකම අහස් වියන යට
හිටියත්
ඇයි මේ තරම්
අපි අපට දුර...?

අතීතයේ දින ගනන්
හමුවෙමින් අපි එකට
සොදුරු බස් තෙපලුවේ
මේ අහස යට නේද ......?

යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?

මගේ කවි

21.10.09

නෑවිත් ලඟට ඔබේ - ඈතින් ඉන්න කියයි


ඔබ මට යන්න කියයි
නොපෙනී ඉන්න කියයි
නෑවිත් ලඟට ඔබේ
ඈතින් ඉන්න කියයි
සිඳ බිඳ සියලු බැමි
හිත ඔබටම දුන්නේ
ආදරණීය හැගුම්
අරගෙන මම එන්නේ
ලෙංගතු සෙනෙහෙ බැදුම්
ඔබ හිත රිදවයි නම්
ම'හිතට හඩන වරම්
දී ඈතින් ඉන්නම්
ශ.කු.වි.

17.10.09

පිරිමියෙකුගේ ප්‍රෝඩාවට හසු වුනෙමි.......... රැවටුනෙමි..........


පිරිමියෙකුගේ ප්‍රෝඩාවට හසු වුනෙමි..........

රැවටුනෙමි..........

ජීවිතය අපායක් කරගත්තෙමි..........

වරද ඔහුගෙද..........

ඔහුව ජීවිතය කරගත්..........

මගේ මෝඩ හදවතද..........

15.10.09

කදුලු බිඳුවක්


කදුලු බිඳුවක් විය
නුබ මට
මන්ද,
ඇසෙහි ඉපදී
එහිම නොරැදී
ගලාගෙන ගිය නිසාවෙන්...

මගේ කවි

13.10.09

ඔබ කැමතිය - මා අකමැතිය


ඔබ කැමතිය - මා අකමැතිය
මා කැමතිය - තවමත් ඔබ මටම කැමතිය
මට දුකය - ඔබටද දුකය
ඔබට දුකය - තවමත් මට දුකය
ඔබට මට දෙදෙනාටම දුකය
ඒත් අපි දුරය . . . . .

සදා රැදෙමුය - නමුත් නොහැකිය
ළංවී සිටිමුය - එයද බැරිය
වෙන්වන්නද බැරිය - වෙන්වී ඉන්නද බැරිය
මිය යන්නද බැරිය - ජීවත් වන්නද බැරිය
අපි ආදරේය - සදා කල්හිම
නමුත්
එක්වන්නද - වෙන්වන්නද බැරිය . . . . .

මගේ කවි

12.10.09

සංසාරේ පුරාවට - ආදරේ මම නුබට


සංසාරේ පුරාවට
ආදරේ මම නුබට
සිත් යාය පුරාවට
මල් පිපුනෙ නුබ නමින්

තරු යාය පුරාවට
පුන්සදක් වෙලා මම
නෙත් කැලුම් පරදන්න
එලිය දෙන්නම් ඔබට..

මගේ කවි

11.10.09

ලංවෙන්න බැරුව මට


ඉකිබිදින හදවතේ

පෙම් කවක් ලියන් ඔබ

දුක්විදින තරම් මම

දන්නේ නෑ තවම ඔබ


කියාගන්නට දුක මගේ

නුබ නෑ අද මගේ ලග

දුරස් වෙලා නොවෙයි ඔබ

ලංවෙන්න බැරුව මට


මා ඔබට බැදි සෙනෙහේ

අඩු නොවෙයි කිසිම දින

ගතින් දුර උනත් මම

සිතින් නුබ ලගයි තව

මගේ කවි

8.10.09

මට අයිති නෑ


මේ අනන්ත විශ්වය පුරාම

කොනක් නැති මහා සාගරය පුරාම

විහිදි ගිය සෙනෙහසක්.....

ඔය හිතේ ඇති කියල

මම හිතුවා.....

මම විශ්වාස කරා.....

මම ප්රාර්ථනා කරා .....

ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ

අඩන්න..... හිනාවෙනවා ඇරෙන්න.....

මම පෙරුම් පිරුවෙ..... හිනාව

හැමදාම ළග තියාගන්න

ජීවිතේ කවදාවත් නොහිතපු විදියට

මම හැමදාම ලග තියාගන්න හදපු සෙනෙහස

වංචාවක් වෙලා මගේ අතින් ගිලිහෙන කොට

කදුලු කැට වෙලා මගේ ඇස් වලින් කඩා හැලුනේ වත්

සුසුම් පොදක් වෙලා මගේ හිතින් පිට වුනේවත් නෑ.......

මම ඔහේ බලාගෙන හිටියා...... මට තෙරුනේ නෑ......

මට විශ්වාස කරන්න බැහැ.....

ඔයා මගේ නෙවෙයි කියලා ......


පබලු

7.10.09

මිය ගිය අතීතය


මිය ගිය අතීතය

නෙතු අග කදුළු බිදුවක් වෙලා

දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -

ඉගිලෙන සමනලයෝ

නොතෑවෙමි මම

මියගිය ප්‍රේමය සිහිකර

පිබිදුන මල් රොන් තවමත් සොදුරුයි

මිය ගිය මුදු අතීතයේ- - -

පාවෙන සීතල මද පවනේ

මුසුවී අති මුදු අතීතේ

තවමත් සිසිලයි

මා වත දෑවටෙන සුලන් රොදේ

මිය ගිය අතීතය

නෙතු අග කදුලු බිදුවක් වෙලා

දෙකම්මුල් දිග රූරා වෑටුනා - - -


පබලු

එක කවියක් නොවේ සබද


නිරන්තරේ සිත ලග ඔබ

නතර වෙන්න පෙරුම් පිරූ

නුබට දුරින් නුබේ දිහා

බලාන හිද සුසුම් හෙලූ

අතිතයේ මතක සුවද

හිත අද්දර තියන් ලියූ

එක කවියක් නොවේ සබද

කවි මඩුවකි සවන් පිනූ . . . .


පබලු