17.8.11

මතක සමනල් රැනක්



මතක සමනල් රැනක් ඔහේ ඉගිලුනා
මගේ හිත් උයනේ සුවද මල් අතරේ
මතක සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


දඟකාර මගේ හීනයේ රැදිලා
හැඩකාර නුඹ මා සිතේ ඇදුනා
පෙර දාක දුටු ඒ සිහිනයේ එතිලා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


පින්සාර පැතුමක් කැකුලකින් මිදිලා
මල අතර සරණා සරින් ඇහරීලා
අරවින්ද මල් මත හෙමින් අඩි තියා
දුර ගමන් ආ බැව් මහද කළඹලා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා
නෙතු පුරා....මගේ.....මුව පුරා......
සිනා සුවද තවරා
මතක  සමනල් රැනක් ඔහේ ඉගිලුනා


පබලු


8 comments:

  1. මතක සමනල් රැනක් ඔහේ ඉගිලුනා

    ReplyDelete
  2. @ සිකා ඔහේ නෙවෙයි මෙන්න මෙහේ ඉගිලුනේ :p

    ReplyDelete
  3. සමනල්ලු කියන්නො ආන්ත්‍රපෝඩාවො ජාතියක්

    ReplyDelete
  4. හරිම ලස්සනයි පබලු අක්කේ..

    ReplyDelete
  5. සමනල්ලු කියන්නේ ලස්සන විතරක් හිමි හයිය හත්තිය නැති දුර්වල ජීවින් කොටසක් ..

    ලස්සන මෙවුව එකක් අක්කේ

    ReplyDelete
  6. ඉතින් ඉඟිලුනාවේ.....

    සිංදුවකටනම් කියාපු පද ටික අක්කා.................

    මකරයියා ඔන්න ලියද්දි අකුරක් වැඩි වෙලා ආන්ත්‍රපෝඩා වෙලා.

    ReplyDelete
  7. සමනලයෙක් සලබයෙක් ගෙන් වෙන්කොට හඳුනාගන්නේ කෙසේද?

    ReplyDelete
  8. සුන්දර මතකයන්..ජිවිතේ..සැපවත් කරනවා.....පබලු.

    ReplyDelete