14.4.11

පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ


පෙර දිනක මා මනස ඇදි කවියක්ය ඔබ
පෙර දිනක මා මනස ඇදි සිතුවමකි ඔබ
පෙර දිනක මා මනස රැදි හැඟුමක්ය ඔබ
පෙර දිනක මා පැතු පැතුමක් ය ඔබ

තරු කිනිති නිදි වරන සඳැති රැයක ඔබ
මට නොදැනි මගේ ලඟම දැවටෙන්නේ ඔබ
මගේ මුලු හිතම එලිය කරමින් ඔබ
එහේ මෙහේ සැරිසරයි මටත් රහසේම ඔබ

යම් දිනක මගේ නෙත් කෙවෙනි යට ඔබ
හිත හඩයි හිදී යයි කඳුලක් වි ඔබ
දුර නොයා දැවෙටෙමින් මගේ සිතිවිලි අතර ඔබ
නැවතුනේ ඇයි මටත් නොදැනීම සබඳ ඔබ

පබලු

12 comments:

  1. හුම් හුම්...............

    සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!
    හාවා සහ හාවී‍ගෙන්.

    ReplyDelete
  2. කියා ගන්න බැරි ආදරයක් දැනිලා වගේ... ඒ ආදරය නොනැවති යන්න නම්... http://sarasith.wordpress.com/2011/01/10/%E0%B7%83%E0%B6%B3-%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B7%92/

    ReplyDelete
  3. ලස්සනයි... සුභම සුභ අළුත් අවුරුද්දක් පබලුටත් පවුලේ සැමටත්...
    ~හිපෝ~

    ReplyDelete
  4. අද නන් කවියක් හිතුන්නෑ........ :-(

    ReplyDelete
  5. //නැවතුනේ ඇයි මටත් නොදැනීම සබඳ ඔබ\\

    මෙතනම් මොකක් හරි ලොකු දෙයක් තියනවා

    ReplyDelete
  6. මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ තවකෙකු වෙනුවෙන් තියන ආදරෙ වචන වලින් එලියට එද්දි එක ලියවෙන අපුරුව.. අපුරුයි පඹලු

    ReplyDelete
  7. කවුරුන්ද මේ අප නාඳුනා ඔබ......? ලස්සනයි පබලු...!! අවුරුද්දට වැඩ අල්ලා වගේ... එහෙම නම් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ඔයාටත් පවුලේ අනිත් අ‍යටත්......!!

    ReplyDelete
  8. ලස්ස්නයි අක්කේ කවි කීපය ..

    පබලුට සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි ,,,,

    ReplyDelete
  10. Mama Mekata Godak Aasai........

    ReplyDelete
  11. අදහස් දැක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියී..

    ReplyDelete
  12. ෂා ශෝයි කවිය...!!


    ප.ලි
    උස්සල දැම්ම මගේ වෝල් එකේ නිකන් මම ලිව්වා වගේ.. :P

    ReplyDelete