2.4.11

සිහින තුලම මිය යන්න හිතයි


අහසට තරු වඩින පැයක..
බලන් ඉන්න හිත ලෝබයි..
ඒ තරු ගෙන එන හීනෙක..
නැවතී මිය යන්න හිතයි..

මිලිනව ගිය තරු අහුරක
අදුරු මතක හිත පාරයි....
කඳුලු කැටිති නෙත් පිරෙනා
සඟවා හිනහෙන්න හිතයි..

පබලු

9 comments:

  1. ලස්සනයි

    ReplyDelete
  2. සත්තයි ඒ කවිය ලස්සනයි !

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්

    ReplyDelete
  4. හ්ම්ම් ලස්සනයි . දුකයි

    ReplyDelete
  5. මිය ගිය තරු කැට අතරේ..
    දිදුලන තරු කැට සොයමින්..
    අඳුරු අහස් ගැබ පීරා..
    තව තව වෙහෙසෙන්න එපා

    නුඹෙ සිහිනය එක් තරුවක..
    සිරවී මියදී ගිය මුත්..
    හෙට දිදුලන තව තරුවක..
    ආලෝකය ලැබෙයි නුඹට..

    එබැවින් පවසමි මෙලෙසේ..
    දකින්න තව දරටත් ඔබ..
    මෙතුවක් කල් දුටු සිහිනය..
    රැය ගෙවෙනා තුරාවටම...

    ReplyDelete
  6. වෙන කුමක් කියන්නද
    ලස්සනයි කියනු මිස....

    ReplyDelete
  7. @තාරා ,නදුන් ස්තුතියි !!

    @හිස් අහස (සඳරු ) ගොඩාක් ස්තුතියි!!

    @හාවි හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    @දගයා හ්ම්ම් සතුතියි ,සතුටුයි මෙහේ ආවට

    ReplyDelete
  8. @මාරයාගේ හෝරාව
    ස්තුතියි මාරයියේ මෙහේ ඇවිත් ලස්සන කවියක් ලියලා
    ගියාට

    @අනුරාධ
    වෙන කුමක් කියන්නද ,,ගොඩාක් ස්තුතියි අවිත් ගියාට කියනු මිස :D :D

    ReplyDelete