31.1.11

නෙත් පැතුව ඔය රුව ළගම හිනහුනා

ත් පාට රහසින් 
සිතේ පායලා
සිත් දෑල අහසේ 
සිතුම් එලිවුනා
මල් පාට පැතුමන් 
හෙමින් ගුලිවෙලා
නෙත් පැතුව ඔය රුව 
ළගම හිනහුනා

රළ ගේන සිඳු රජ 
නොසන්සුන් වෙලා
ළා පාට හිරු රැස් 
හෙමින් දඟ කලා
සිත ගාව නැවතී
හෙමින් මුමුණනා
මා පැතු ඔය හඩ 
සවන් සැනසුවා

පබලු

ප/ලි

ජිවිතේ අමතක නොවෙන දවසක් වෙනුවෙන් 31/01/2011
ප/ලි
මහා බස් බ්ලොග් සතියේ අවසාන දිනය 

11 comments:

  1. හ්ම් හ්ම් අපි නම් ඕවා දන්නැ ඔන්න........:D

    ReplyDelete
  2. පාට පාට සීන රැසක්..
    මැද සැදුවෙමි සොඳුරු ලොවක්..
    නේක වර්ණ මල් ගවසා..
    පුංචි පුංචි තරු එල්ලා..
    අනේ ඉතිං ඒ හීනේට..
    මොනවා වෙවිද හෙට දින..

    ReplyDelete
  3. ඉතිං අපිට මොකද....මෙයාල තනියෙන් හම්බවෙලා...කාලා බීලා තව කවිත් කියන්න එනවා...අනේ අනේ....අහුවෙනවලාකෝ සැට් එකම දෙන්නේ වැඩක්....

    මේ ඔන්න ඉතිං අපේ මේ බපලු අක්කගේ සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන්නත් කියන කරන හැමදේම අතිසාර්ථක වෙන්නත් කියලා හදවතින්ම හා බොක්කෙන්ම යන දෙකෙන්ම ප්‍රාර්ථනා කරනවා අක්කගේ මේ අනූ පස් වැනි උපන්දිනය දවසේ...(වයස ටක්කෙටම හරි නේද? කෝමද හෂියගේ වැඩ...ආ...)අහ් තව නිදුක් නීරෝගී සුව වගේම සාමය සතුට ආදරය පිරී ඉතිරෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා....

    අපිට කේක් ඕනි....

    ReplyDelete
  4. @හා පැටික්කි
    හ්ම්ම්..හාවි දන්නේ නැ..හාවි හාවියක් නේ..මොනව වුනත් හප්පේ..හාවි මේ කරගත් කුසල කර්මයෙන් හිතන පතන සියලු දේ ඉටුවේවා!!කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා..

    ReplyDelete
  5. @මාරයා..
    ස්තුතියී..!!
    පාට පාට එකතු කරලා
    හීන ගොඩක් හැදුවයි..
    ඒ හීනේ මල් පිපිලා
    සුවද දසත හැමුවයි..

    ReplyDelete
  6. @Hasiya..
    ඔව් ඔබ හරියටම වැරදි..95 නෙවෙයි හසියෝ..105 .හිකිzz..
    කේක් දෙනවා සුට්ටක් ඉන්ටකෝ කට ඇරගෙන..
    හා අමතක වුනානේ..බොහෝම ස්තුතියි..:p :p
    හසියා පැතූ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉස්ට සිද්ද වේවා කියා මා එක සිතින් ප්‍රාර්තනා කරනවා :p :p

    ReplyDelete
  7. අඩේ අප්පා මටත් තියෙනවා අමතක වෙන්නේ නැති දවස් ටිකක්...මම එකක් කියන්නම්...මම දවසක් වැස්සේ තෙමුනා කියලා අම්ම මට හොදටම ගැහුවා..ඒකේ දුකට මම ලිව්ව නිසදැසට තනුවක් දාලා භාතිය අයියලා පිනි බිදුවක් සින්දුව ගැහුවා....බලන්න ඉතින්...නිදහසේ තෙමෙන්න දෙන්නේ නෑ නේ බන් අක්කේ...
    (ප.ලි -- මේක සෙන්සිටිව් ඉමොශනල් සීන් එකක්ද..මටහැගීම් බර වෙන්න බෑ අප්ප....)

    ReplyDelete
  8. @රත්ගමයා
    ඔයාටත් තියෙන්නේ පුදුම අමතක නොවෙන සිදුවීම නේ..ඒකත් නරක නැ.
    ආ මේක ඒ තරම් ඉමෝශනල් නැ..අනිත් දවසේ ඉමොශනල් වුනාම වෙනමම ඔයාට කියන්නම්..ඉමොශනල් වෙන්න කියල..:
    රත්ගමයෝ තැන්ක් කු වේවා

    ReplyDelete
  9. අනේ මන්නදා කොහොම ලියනවද කියලා ඒත් මල් 7යි..!! සුභ පැතුම් පබලු..!! ඒවයි කමක් නැ ගමේ ආවම අල්ල ගන්නම් කේක් නොදුන්නොත්..!!

    ReplyDelete
  10. :(
    -කාංචන

    ReplyDelete