29.1.11

වඩිනු මැන කුමරුනේ

වසන්තය අරන් දෝතින්
වඩිනු මැන කුමරුනේ
අහස් ඉම පුරා අපි 
අදිමු සිතුවිලි ඔහේ.......

උදේ හිරු මල සිනා අරගෙන 
වඩිනු ඇත හෙට දිනේ 
ඒ සිනා කැන් මුව පුරා පිරි
හැඟුම් පුබුදනු ඇත සිතේ.....

බලාපොරොත්තුව වෙලා නුඹ විත් 
සිත පුරා නැවතී මෙසේ 
මට හොරා මගේ හිත හිනා වුන 
යුරු  කියන්නම්  හෙට දිනේ.....

පබලු

මහා බස් බ්ලොග් සතියේ හයවන දිනය

1 comment:

  1. ‍මොනවද මතක් උනා නැ එක් ‍කෝ ඕනි නෑ ඒක කියන්න......

    හික්ස්......

    ලස්සනයි කිව්වම මදෑ...... ;)

    ReplyDelete