24.1.11

නුඹ


සැදෑ හිත් අහසට පැයු
සොළොස් කලාපිරි පුරා හඳ
වියළි සිත් කතරට ගැලු
සුනිල දිය දහර නුඹ

නෙතට නිදි නැති රැ දිවා
හිත ලඟම සක්මන් කලා
ළය පුරා ස්නේහයේ රස
තියා හිත ලඟ නැවතුනා
  
පබලු

මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලදි.

3 comments:

  1. ලස්සනයි පබලු. කඩිමුඩියෙ ලිව්වට බොහොම අපූරුවට ලියලා තියෙනවා. හ‍රිම අගෙයි. මෙන්න මෙගෙන් අත්පුඩිය.....

    ReplyDelete
  2. අදුරු අහසට එළිය කරමින
    පාලු කතරට දිය පොදක් ඉසිමින
    මගේ දිවියට සිසිලසක් ගෙනමින
    නුඹයි කුමරිය මටම හිමි වුන..

    නෙතක නිදි නැතුව කොහෙදෝ
    ගතක දැවටුන සිසිල නුඹදෝ
    මගේ හිත කොහේ ඇතිදෝ
    නුඹ තුරුලෙ මට නිදනු හැකිදෝ.....

    ලස්සනයි පබලු කවිය.. සුපිරි ඇ...........:-D

    ReplyDelete
  3. මොකද පබලු අක්කේ හොරෙන්ම ඇවිත් කවියක් දාලා අපිව අවුස්සලා යන්නේ ..?

    ඉස්සර වගේ දිගටම මොනවා හරි ලියන්නකෝ ..

    පද පේලි 8 උනාට ලස්සන උපරිමයි ..


    ජය වේවා !!!

    ReplyDelete