4.1.11

අම්මා


තරු කැට දිලෙනා මැදියම 
පුරා හඳයි අම්මා
සිත සුව කර සෙත සෑදු 
සෙත් කවියයි අම්මා
සමාධි බුදු රුව තුල දිසි 
කරුණාවයි අම්මා
මල් පුද ලද කිරි බැබලෙන 
කිරි වෙහෙරයි අම්මා

මල් අතුරපු යහනාවක 
මා නිදි කර අම්මා
සුරසැප මගේ ලොව පාමුල 
රදවා නිති අම්මා
සෙනහස නොඅඩුව බෙදනා 
උල්පත නුඹ අම්මා
බුදුරදු දෙසු සිව්බඹ විහරණයයි 
නුඹ අම්මා


පබලු

4 comments:

  1. මටත් ඉන්නේ අම්මා විතරයි . පොඩිකාලේ ඉඳලා තාත්තා නැති මාව බලා ගත්තා .මොනවා කියල මම කියන්නද ? එයාගේ බලා පොරොත්තු ඉටුකරන්න මට බැරි උනා නෙව .

    ReplyDelete
  2. ආයෙ ඉතින් ලබන මාසෙ තමා දකින්න ලැබෙන්නෙ නේද....?

    නිර්මාණය ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. නියමයි... හරි ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  4. @හිස් අහස
    ස්තුතියි මල්ලි මෙහේ ආවට.
    අම්මට අලුත් බලාපොරොත්තුවක් දෙන්න.

    @Dinesh ඔන්න දිනේශ් ලබන මාසේ වෙනකල් හිටියේ නැ.
    මේ මාසෙම ආයේම ආවා.
    ගොඩාක් ස්තුතියි!!

    @Prasanna ස්තුතියි!!

    ReplyDelete