8.12.10

සිඳගන


මන්දාරම් මල් වියන් මැදින්
සිඳංගනා නුඹ ඇවිත්
හදවතේ නොයිඳුල් තැනක
නැවතුනා දෝ හෙමින්
නීල දෙ නයණ මා හිත සනසන
බලා සිටියෙමි හොරෙන්

සෙමෙන් රඟ දෙන සියුම් කෙහෙරැළි
සිබින කම්මුල්
මතක තුරු හිස් අගින් ඉස්සී
කරයි හද සක්මන්
පිපුණු අරවින්දියකි සිඳගන
මා හිත ගත් ඉක්මන්

පායනා තරු දහස් අතරට
සඳවතිය පායා
එළිය කල මගේ අහස් වියනම
සිනහා කැන් ඉසලා
නලල මත රැදි මගේ හාදුවේ
උණුසුමක් දැනිලා
සිඳගනා මගේ ළඟම රැදුනා
නෙතට නෙත තියලා

පබලු

12 comments:

  1. කොහේ වත් යන්න දෙන්නේ නෑතුව ලගම තියාගන්න....

    ReplyDelete
  2. ඔව් කොහේවත් යන්න දෙන්න නැ...ලඟම තියාගන්නවා(කෝලම් පි)

    ReplyDelete
  3. I Like This Pabalu.. Now It's Very Nice.. Meka Niyamai............

    ReplyDelete
  4. අපරාදේ මම නම වෙනස් කලේ.....


    ලස්සනයි පබලු..........

    ReplyDelete
  5. මන්දාරම් මල් වියන් මැදින්
    සිඳංගනා නුඹ ඇවිත්...
    Nice akki...:D

    ReplyDelete
  6. "පායනා තරු දහස් අතරට
    සඳවතිය පායා
    එළිය කල මගේ අහස් වියනම
    සිනහා කැන් ඉසලා"

    මාරයි.......

    ReplyDelete
  7. "අන්තර්ජන්ජාලයේ" අපේ කම පිරුනු සමාජ ජාලය. 100% ශ්‍රි ලාන්කික මිතුරු ජාලය. www.Teenlanka.net join to connect with sri lankan friends.

    ReplyDelete
  8. දැන් මාත් මොනව හරි කියන්න ඔනි නේ.. හ්ම්ම්ම්ම්...

    මන්දාරම් මල් වියන්යටින්
    නුඹ තුරුලට පියඹලා ඇවිත්
    හදවත තුල සුසුම් පොදක
    මා සිත නැවතිලා හොරෙන්

    ලස්සනයි පබලු...:-D

    ReplyDelete
  9. @Ano.
    නම නොකිව්වට මම ඔයාව දන්නවා..ඔයා නිසා තමයි මේ තරම් ලස්සන...

    @Dinesh ස්තුහියි!!

    @සුදු හංසි
    සිඳංගනා හෙවත් සුදු හංසි නම් දෙකම ලස්සනයි...ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

    @Dishan ස්තුතියි මල්ලි

    ReplyDelete
  10. @හා පැටික්කි....හප්පේ මේ මම දැක්කමයි මයේ හිතේ මෙයා මෙහේ ඉන්නවා..ස්තුතියි හා කුමාරි.

    @Ayesha
    ස්තුතියි...

    @Pasan
    නැවතිච්ච හිත
    අරගෙන හනිකට
    ගියා නම් තමයි
    වැඩිය හොද..හික්z...

    මම හිතුවා ඔයාට අමතකම වෙලා ගිහින් කියල..ලස්සනයි පිලිතුරු කවිය

    ReplyDelete