හුස්ම තරමට ලංවෙලා
අනේ නුබ හරි දුර ගියා
සුසුම් අහුරක හැංගිලා
නේක වර සිත සක්මන් කරා
සකුණ ගී තුරු හිස් මතින්
ඇසෙන මුදු මී බිදු ස්වරෙන්
මා සිත හඩ ගා ගැයු ගීතය
රැව්දුනා ඉහිලුම් ස්වරෙන්
සුපිපෙති මල් නෙක රැසින්
ගෙනෙයි මෘදු සුවදත් කෙමෙන්
ම'සිත පතුලෙහි නැගෙන සුසුමට
ගිලිහුනා පෙති සීරුවෙන්
පබලු
Attatama Harima Lassanai Me Wachana.... Aaye Ayeth Kiyawanawa Mama.......
ReplyDeleteඇත්තටම හරිම ලස්සනයි අක්කියෝ.....
ReplyDelete...........great............
ReplyDeleteලස්සනයි පබලුවෝ........
ReplyDeleteලස්සනයි පබලු අක්කේ
ReplyDeleteඔයගෙ කවි මාර ආදරනීයයි........
ReplyDeletevery nice
ReplyDeleteහරිම ලස්සනයි පබලු... පොඩි කමට නෙවි වැඩ...!! සු
ReplyDeleteභ පැතුම්..!!!
මගේ පණ ලෙස යා වෙලා
ReplyDeleteවෙන් කරන්නට බැරි වෙලා
මතක අහුරක දැවටිලා
නෙතඟ කඳුළින් බොඳ වුනා....
අකුණු සර පරදා ඉතින්
වෙඩි සරින් ළය තෙත් වුනා
මියුරු නාදය නුඹෙ මුවේ
ඇසෙනවා තල් වැට උඩින්..
දකින්නට නුඹ සෙනෙහසින්
ආයෙ නම් බෑ දිවි මගේ
මල් වඩම ළඟ ශෝකයෙන්
නොහඬන්න මගෙ කුමරියේ...
ලස්සනයි පබළු.
ReplyDeleteමැණික්(සුළඟ)
සුසුම් සුවදක හැංගිලා
ReplyDeleteනුඹෙගෙ ළයමත සැතපිලා
ඉන්න ඇත්නම් ලං වෙලා
කෙලෙස යන්නද වෙන්වෙලා
ගීතයට තනුවක් වී ලගින්
ඉන්න හැකිවෙද නුඹ පෙමින්
සසරේ ඉන්නට ඒ ලෙසින්
කෙරූ පිං මදිවද ඉතින්....
ලස්සනයි පබලු නිර්මාණය...:-D
පබලුවෝ... උඹේ හැම කවියකම අන්තිමට හිතන්න දෙයක් ඉතුරුකරනවා...
ReplyDelete(උඹ කිව්වේ ෆිට් එකටය)
ලස්සන උපරිමයි පබලු අක්කේ ...ඔයාගේ කවි ලිවීමේ හැකියාව නම් මට හිතාගන්නවත් බැරි තරම් උපරිමයි ..මොකද ලිවීම අඩු කරලා ..දිගටම ලියන්න..
ReplyDeleteජයවේවා !!
hi Sri lankan friends
ReplyDeleteඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.net
ඔහෙට හැඩට ලියන්න ඇහැකි නෙව.
ReplyDelete