19.11.10

හුස්ම තරමට ලංවෙලා


හුස්ම තරමට ලංවෙලා
අනේ නුබ හරි දුර ගියා
සුසුම් අහුරක හැංගිලා
නේක වර සිත සක්මන් කරා

සකුණ ගී තුරු හිස් මතින්
ඇසෙන මුදු මී බිදු ස්වරෙන්
මා සිත හඩ ගා ගැයු ගීතය
රැව්දුනා ඉහිලුම් ස්වරෙන්

සුපිපෙති මල් නෙක රැසින්
ගෙනෙයි මෘදු සුවදත් කෙමෙන්
ම'සිත පතුලෙහි නැගෙන සුසුමට
ගිලිහුනා පෙති සීරුවෙන්

පබලු

15 comments:

  1. Attatama Harima Lassanai Me Wachana.... Aaye Ayeth Kiyawanawa Mama.......

    ReplyDelete
  2. ඇත්තටම හරිම ලස්සනයි අක්කියෝ.....

    ReplyDelete
  3. ලස්සනයි පබලුවෝ........

    ReplyDelete
  4. ලස්සනයි පබලු අක්කේ

    ReplyDelete
  5. ඔයගෙ කවි මාර ආදරනීයයි........

    ReplyDelete
  6. හරිම ලස්සනයි පබලු... පොඩි කමට නෙවි වැඩ...!! සු
    භ පැතුම්..!!!

    ReplyDelete
  7. මගේ පණ ලෙස යා වෙලා
    වෙන් කරන්නට බැරි වෙලා
    මතක අහුරක දැවටිලා
    නෙතඟ කඳුළින් බොඳ වුනා....

    අකුණු සර පරදා ඉතින්
    වෙඩි සරින් ළය තෙත් වුනා
    මියුරු නාදය නුඹෙ මුවේ
    ඇසෙනවා තල් වැට උඩින්..

    දකින්නට නුඹ සෙනෙහ‍සින්
    ආයෙ නම් බෑ දිවි මගේ
    මල් වඩම ළඟ ශෝකයෙන්
    නොහඬන්න මගෙ කුමරියේ...

    ReplyDelete
  8. ලස්සනයි පබළු.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  9. සුසුම් සුවදක හැංගිලා
    නුඹෙගෙ ළයමත සැතපිලා
    ඉන්න ඇත්නම් ලං වෙලා
    කෙලෙස යන්නද වෙන්වෙලා

    ගීතයට තනුවක් වී ලගින්
    ඉන්න හැකිවෙද නුඹ පෙමින්
    සසරේ ඉන්නට ඒ ලෙසින්
    කෙරූ පිං මදිවද ඉතින්....

    ලස්සනයි පබලු නිර්මාණය...:-D

    ReplyDelete
  10. පබලුවෝ... උඹේ හැම කවියකම අන්තිමට හිතන්න දෙයක් ඉතුරුකරනවා...
    (උඹ කිව්වේ ෆිට් එකටය)

    ReplyDelete
  11. ලස්සන උපරිමයි පබලු අක්කේ ...ඔයාගේ කවි ලිවීමේ හැකියාව නම් මට හිතාගන්නවත් බැරි තරම් උපරිමයි ..මොකද ලිවීම අඩු කරලා ..දිගටම ලියන්න..

    ජයවේවා !!

    ReplyDelete
  12. hi Sri lankan friends
    ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
    lankawe ayata pamanai
    www.teenlanka.net

    ReplyDelete
  13. ඔහෙට හැඩට ලියන්න ඇහැකි නෙව.

    ReplyDelete