5.7.10

මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු


යශෝදරාවිය, නුබ මව් ඇකයේ වැදි
පුතුනේ නිදනවද කුමරුන් රාහුල සදිසි
සෙනෙහ ගඟුල ගලනවා නිම් හිම්නොදැනි
පුතුනේ නුබයි දුන්නේ මව් පිය පදවී

තව් තිසාවේ සුර අගනුන් මෙහි වැඩලා
හීනෙන් නුබ හිනා උනාඒ දැකලා
අම්මා ගයන නැළවිලි ගී රස දැනිලා
සමන් පිච්ච මල් පිපිලා හිනා වුනා

කිරි කර පොවන්නේ මව් ලය පිරි රුහිරු
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
සැනසුම නුබයි පුතුනේ අප හට සොදුරු
කවි කර ලියන්නේ සෙනෙහස පුතුට පිදු

පබලු

14 comments:

  1. ඉතාමත්ම සුන්දර සිතිවිල්ලක්.Truly enjoyed this one........:D

    ReplyDelete
  2. පිංතූරෙ පොඩි එකානම් මරු.අල්ලන්න හිතෙනවා.ඒ වාගෙම සිතුවිල්ලත් හරිම සුන්දරයි.

    ReplyDelete
  3. mokada kiyanne pabalu, dennada man gane pinturayak oyata

    ReplyDelete
  4. @Shadow ගොඩාක් ස්තුතියි !!!

    @Dinesh ගූගල් එකට පින්සිද්ද වෙන්න පින්තූරේ හොයාගත්තේ ස්තුතියි!!

    @බිඟුවා විශේෂයෙන්ම කියන්න ඕන ආයේ ඔයාගේ පැන්චා දැකලා තමයි මේ කවිය ලියන්න ඕන කියල හිතුනෙත්.. කීපසැරයක්ම හිතුවා බිඟු තාත්තාගෙන් පින්තූරයක් ඉල්ලගන්න.ආයෙම දවස් ගානක් හොයල හොයලා හොයාගත්තේ මේ පින්තූරෙත්.ස්තුතියි අය්යේ!!

    @අනේ මන්දා..??ස්තුතියි!!

    ReplyDelete
  5. ..lassanai... Pabalu ..

    ReplyDelete
  6. අක්කියෝ මාරම මාරම මාරම මාරම ලස්සනයි....කියන්න වචන නෑ....හරිම ලස්සනයි.....

    ReplyDelete
  7. අහා......වෙනස්ම අකාරයක ලියවිල්ලක්...ලස්සනයි...ඇත්තම සංසිද්ධියක්ද හිතාගෙන ලියපු එකක්ද?

    ReplyDelete
  8. niyamai....aththtama amma kenek hari thaththa kenek hari venna ona mechcharama hodata liyanna.....me dawas wala weda godaiii.....nethnam mita wada hoda comment ekak dannawa...niyamai....

    ReplyDelete
  9. harima lassanay pabalu.mama asama karana pic ekak.

    ReplyDelete
  10. @Madhu ස්තුතියි !!!

    @හසියා - හසී පවුලේ සමාජිකයා නේද මේ.හි හී ස්තුතියි!!! මල්ලියා.

    @ගීත් (සහෘදයා) -අපේ බිඟු අය්යගේ පැන්චාගේ හුරතල් මූණ තමයි අදහස නම් දුන්නේ මේ වගේ එකක් ලියන්න ඕන කියලා.ස්තුතියි !!

    මෙන්න ඉන්නවා බිඟු පැන්චා.දැකපු නැති කෙනෙක් ඉන්නව නම් බලන්න
    http://bingunada.blogspot.com/2010/05/blog-post_20.html

    ReplyDelete
  11. @පිස්සා පලාමල්ල ස්තුතියි!!

    @Anonymous අම්මා කෙනෙකුට තාත්ත කෙනෙකුට දැනෙන දේ,ඒ හැගීම හුගාක් හිමීට හිතට ගත්තම අපිටත් දැනෙනවා.එහෙම නේද?ස්තුතියි!!

    @Jayani ස්තුතියි !! දවස් ගානක් ගූගල් එකේ ඇවිදලා හොයාගත්තේ පින්තූරේ නම්

    ReplyDelete
  12. පිස්සු හැදේ....

    ReplyDelete