27.1.10

කදුලු හැන්දෑවක්ම


කදුලු හැන්දෑවක්ම

නෙතු පියන් පුරවද්දි. . . . .

ආදරේ දුක්බරම

සුසුම් පොද

හිත් ගැබෙන් පිටවෙද්දි. . . . .

නුබේ දුරස් බවේ දුක

හිත පුරා කකියද්දි. . . . .

කුමට පද ගලපන්නද

මම. . . . .

නුබ මගේ ලග නොමැති. . . . .

මගේ කවි


17 comments:

  1. hmm adare nathi wena daraganna amaru wedanawak..nice creation

    ReplyDelete
  2. Great Work Exelant Words..........

    ReplyDelete
  3. ගැලපූ පදයකින් කවියක් සෑදූ...
    වියෝ දුකින් සිත පීඩා විදිනු ලැබූ...
    ආදරය නම් හැගුමකි දිවියට අරුත් සැදූ...
    අවසන සිත පමණි හිමි දුක විඳිනු ලබූ.............

    ReplyDelete
  4. හැමදාම හවසට සින්ඩිය පැත්තෙ රවුමක් ගැහුවනම් හරි ඕව අමතක වෙන්නත් එක්ක

    ReplyDelete
  5. Lassanai. Godak hithaa danuna.tanikame duka daraganna eka godak amarui.

    ReplyDelete
  6. ළඟ නොමැති
    අය ගැන
    හැකිය ගලපන්න ට
    කවි පද ලොවක්
    සිත් මල් වැටක්

    එහෙමයි මමත්
    උනේ කවියෙක්

    ReplyDelete
  7. අතහැර යන්නන් හට යන්න දෙන්න
    ලගට එන්නන් තුරුල් කර ගන්න
    ජිවිතයට ගලන්න ඉඩ දෙන්න
    කිසිවෙකට පසුනොතැවෙන්න

    කවියක් නෙමෙ වචන ටිකක්....... ලියන්න...

    ReplyDelete
  8. පබලු මොකද නිහඩ වෙලා... ලියන්න මොනවහරි අපිට කියවන්න...

    ReplyDelete
  9. @ Dish[Savi] ස්තුතියි !!!
    ආදරේ ඇතුවත් බෑ නැතුවත් බෑ

    @Gayasri Thank You

    @ Prabhath Darshana
    හගීම් ඇතිවෙලා නැතිවෙලා යන හිත…
    මතක තියාගන්න ඕන දේවලුයි,
    අමතක කරන්න ඕන දේවලුයි,
    තියාගෙන ඉන්න හිත...
    මහ පුදුමයි...

    ස්තුතියි !!!

    ReplyDelete
  10. @LG ස්තුතියි!!

    @ සහන් නිතරම සින්ඩිය පැත්තෙ යනවා..ඒත් මේ දවස් ටිකේ නම් යන්න උනේ නැහැ… ඉක්මනටම මේ හැමදේම අමතක කරන්න නම් ඕන.

    @Pooh ස්තුතියි!!
    ඉස්සරහටත් හිතට දැනෙන දෙයක් ලියන එක තමයි මගේ කැමැත්ත.. හැමදාම http://magethanikama.blogspot.com )මගේ තනිකම එක්ක ඉන්න කියල ආරාධනා කරනවා..

    ReplyDelete
  11. @ LishWish
    එහෙමමයි
    මමත් වුනේ
    කිවිදියක්..

    ස්තුතියි!!

    @ රවා ඇතෑරලා යන අය අල්ලගන්න හදනවා නෙවේ මම. ඒ මතකය වත් පරෙස්සම් කරල තියාගන්න හදනවා.
    ලියනවා ලගදිම
    කවි වගේම
    වචන ටිකකුත්…
    ස්තුතියි!!දයාබර ඇරයුමට

    me davas vala net enna tikak apahasui.ekai pramadha ... :) :) :)

    ReplyDelete
  12. ලස්සනයි.... මමත් කෙනෙකුට ආදරෙයි. ඒත් එයාට ඒක මට කියන්න බෑ. එයා මම ගැන එහෙම හිතන්නෙ නැති බව දන්න නිසා... අදටත් මම එයා එක්ක කතා කරන්නෙ මගෙ ආදරේ හිතෙ තද කරගෙන.. මොකද එයා මගේ හොඳම යාලුවා.අප්‍රකාශිත ආදරයත් අහිමි වුනු ආදරේ වගේම වේදනාකාරියි..

    ReplyDelete
  13. නම නොකියු ඔබට/ඇයට
    හ්ම්...ඔයා ආදරෙයි,, ඔයාගේ යාලුවට, ඒ යාලු කමට...
    ආදරේ කරන අය දාල ගියාට කවදාවත් යාලුවෝ අපිව දාල යන්නේ නැ.ඒකෙත් හොදම යාලුවා.

    ස්තුතියි!!! අදහස් දැක්වුවට

    ReplyDelete
  14. නම නොකියූ කෙනා තමයි මම... අක්කෙ ඒක යාළුකමක් නෙවේ. මම එයට පන වගෙ ආදරෙයි. ඒත් එය දැන් වෙන කෙනෙකුට කැමතියිලු. එයාට තියෙන ගවුරවය හින්දමයි ඒක මම කීවෙ නැත්තෙ.මම කෙල්ලෙක් අක්කෙ. මම කොහොමද ඒක කියන්නෙ.මම එයාට එයා කැමති කෙනා ලබාගන්න උදව් කලා.මම අද වේදනවෙන් ඒත් එයා සතුටින් නම් එච්චරයි.. අනේ මගේ වස්තුව සතුටින් ඉන්න ඕනෙ.

    ReplyDelete
  15. @නම නොකියු නංගියාට
    හ්ම්..ආදරේ මහ පුදුමයි.වෙලාවකට සතුට දෝරෙ ගලනවා,තව වෙලාවකට දුක..ඒක පාර්ශවික ආදරයක් උනාම ඒ දුක තනියම ම විදගන්න වෙනවා.නංගියෝ ඔයාගේ යාලුවගෙන් ඔයාට ආදරේ නැතත් යාලුකම හරි ලබෙනවා,ඒ ගැන හිතල සතුටුවෙන්න..
    අපි කතකරමු
    http://www.facebook.com/home.php?#!/profile.php?v=wall&ref=profile&id=100000004948382

    ReplyDelete
  16. HMMM HITHANNA EPA HAMOM KIYANAWA ATH HITHENWA

    ReplyDelete