5.1.10

මේ එක කවියක් නුබේ නෙතට කවදා හසුවේවිදා මන්දා......



සෙනෙහස බැන්දට මුතුපොට සේ

එකින් එකට අමුණා ......

සද දිය දෝතක් එකට විදින්නට

කල පින් මදිවද මන්දා......

ලස්සන ලස්සන කවිපද ලිව්වට

එකින් එකට අමුණා ......

ඒ එක කවියක් නුබේ නෙතට

කවදා හසුවේවිදා මන්දා......

මගේ කවි

9 comments:

  1. කියවී නම් මේ කවි නුඹ මා සබඳ
    ලොවම අතැර එනු නියතයි මවෙත අද

    ReplyDelete
  2. ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  3. වදන් පෙල අගෙයි........
    ඔබට ජය.....

    -ZoRO

    ReplyDelete
  4. හිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දා
    සඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දා

    ලිවු කවිපද රස විඳින්න - ඔබ ළඟ නැති හන්දා
    මගේ කවි පද ඔබ දකින්න - කියා බුදුන් වැන්දා

    හරි ලස්සනයි සහෝදරී කවි පෙළ...!
    ජයෙන් ජය ම පතනවා

    ReplyDelete
  5. @තමීර ස්තුතියි !!!

    @indik ස්තුතියි !!!

    @සොරො බොහොම ස්තුතියි !!!

    ReplyDelete
  6. @LishWish බොහොම ස්තුතියි !!!

    හිතෙන් දකින කවි අහන්න - වරම් නොමැති හින්දා
    සඳ දිය දෝතට මම ගෙන - උඩ දමමින් වින්දා..

    ReplyDelete
  7. අනේ මේව ගැන මම නම් කිසිදෙයක් දන්නෙ නැතෝ.....

    ReplyDelete
  8. @සහන් හා හා දුක් වෙන්න එපා..දවසක තේරේවි
    ස්තුතියි!!! අදහස් දැක්වුවට

    ReplyDelete