26.11.09

දෙරණ වී මම ඉදිමි නුබේ සිසිලස පතා...


තනිවෙන්න නුබ එපා
ආකහේ සඳ වෙලා ...
තරුමල් ව මම ඉදිමි
නුබේ තනිකම මකා...

වැටෙනු මැන නුබ මෙදා
මහ වැස්සක් වෙලා...
දෙරණ වී මම ඉදිමි
නුබේ සිසිලස පතා...


ගලනු මැන නුබ සදා
ගංගාවක් වෙලා ...
සයුර වී මම ඉදිමි
නුබට එක්වනු සිතා ...

2 comments:

  1. මාරයි.. තනුවක් දාල සින්දුවක් කරන්න..එච්චර ලස්සනයි.. :)

    ReplyDelete
  2. @ජනුක බොහෝම ස්තුතියි!!!
    පස්සෙ කාලෙක බලමුකෝ අපි

    ReplyDelete