14.11.09

නුබ වෙනුවෙන් එක කවියක් වත් ලියන්න මට හිතුනා ..


අවිහිංසක මගේ සිතුවිලි අතරේ
නුබේ සමරු සෙව්වා
නුබ ගුණදම් මැද මා තනිවී
මතක සුවද වින්දා
නොමැකෙන සේ නුබ ලියු කවි මගේ
සිතේ කොනක සගවා
නුබ වෙනුවෙන් එක කවියක් වත්
ලියන්න මට හිතුනා


නුබ ගැන ලියන්න සිතුවිලි බෝමයි
ගලපාගන්නට බැරි සේමයි
පදවැල් අමුණා එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි

ප්‍රේමය ගැන නුබ ගැයු ගීවැල් බෝමයි
අමතක කරන්න බැරි සේමයි
ඒ ගී වැල් මට එකම පන්හිදින්
ලියන්න බැරිසේමයි

පබලු

4 comments:

  1. Hmmmmm.....
    nuba ganama kawi liwwa mege ahinsaka pan thuda golu welala ada liyannata bari wennama thawath kawi.....

    Lassanai pabalu...

    ReplyDelete
  2. ප්‍රේමය ගැන නුබ කී කවි බෝමයි
    තෙපලනු බැරි සේමයි
    ඒ කවිපද වල තාලය මුවගින්
    ගයන්න බැරි සේමයි...

    ලස්සනයි පබලු..............

    ReplyDelete
  3. අදහස නම් අගෙයි ඒත් පද වල මොකක් හරි අවුලක් තියෙනවා කියලත් හිතෙනවා.

    ReplyDelete
  4. ස්තුතියි!!! ඔයාගෙ වචන ලොකු ශක්තියක්

    ස්තුතියි!!!

    ස්තුතියි!!! හ්ම්...එහෙම අවුලක් තියනවද?

    ReplyDelete