7.10.09

මා හැරදා ඔබ යනදා ඇවිදින්


මා හැරදා ඔබ යනදා ඇවිදින්
ඇයි ඒ දින මෙතරම් ඉක්මන්
ගිනිදන මහමග අත්වැල් බැදගෙන
අවසානද අප කල සක්මන්

මා ඔබගේ නොව ඔබද මගේ නොව
කිසි ලෙසකත් අප, අප සතු නෑ
එනමුදු මා ඔබ දෙදෙනෙකු වී නැත
දෙහදක සෙනෙහස ගොළුවනු නෑ

අන් සතු අත් යුග එකට වෙලාගෙන
දුක සැප ලග එක ලෙස හිටියත්
දෙහිතක සෙනෙහස ආදරයම බව
නොදනිමු වෙන්වන්නට වෙනකම්

ශාන්ත කුමාර විතානයන් අතින් ලියවුන පද පෙලක්

0 comments:

Post a Comment