7.10.09

ජීවිතේ සෙනෙහෙ බර සුසුම් පොද

ජීවිතේ සෙනෙහෙ බර සුසුම් පොද
නුබ නමට ලියන්නම් . . . . .
විසල් ආකහේ පුරා - විසිරි තරු කැටි වලට
සිත පුරාවු සෙනෙහසේ - ආලොකේ බෙදන්නම්
නුබ නමට පිදු සෙනෙහේ - සිත් කොනේ තුරුලු කර
විරහවේ කවි පේලි
නුබ නමින් ලියන්නම් . . . . .
නුබේ සුසුම් පොදක් ගෙන - මගෙ හිතේ හංග ගෙන
හෙමි හෙමින් හෙමි හෙමින් විදින්නම්
ජීවිතේ සෙනෙහෙ බර සුසුම් පොද
නුබ නමට ලියන්නම්. . . . .
නෙත් කොනින් ගැලු කදුලු කැට
එකතු කර එකින් එක
නිල් පාට අහස් අග තියන්නම්
මොහොතකින් මොහොතකට සිත ගාව ඉගි කරන නුබ සෙනෙහෙ
මියදෙන්න මොහොතකට පෙර මා නමින්පුදයි නම්
සැනසෙන්න මට
ජීවිතේ සෙනෙහෙ බර සුසුම් පොද
නුබ නමට ලියන්නම් . . . . .

පබලු

2 comments:

  1. හා හා හා...නංගිත් ලස්සනයි..නංගිගේ කවිත් ලස්සනයි..!!!

    ReplyDelete
  2. @Anonymous ස්තුතියි ! !

    ReplyDelete