27.10.09

රැව්දෙන ඔය මතකය මම - හිතා අද්දර රදවා ගතිමි.......


සඳ ලග තනියම හිඳ
තරුවක් හඩනවා ඇහුනා
වැට ලඟ හිඳ තරු ලග හිත
රදවා මම කවියක් ලිව්වා.....

දින සති ගෙවි මා සිත ලඟ
තරුවක් හිනහෙනු දැනුනා
ඒ හිත ලග නවතින්නට
වරුවක් මම පාරමි පිරුවා.....

ලස්සන හිත ලඟ දිස්වෙන මා හද
ගැස්සුනෙ සිහිනෙන් පිබිදි
රැව්දෙන ඔය මතකය මම
හිත අද්දර රදවා ගතිමි......

මගේ කවි

8 comments:

  1. ඔබගේ කවි රස විඳිමි. රිද්මයේ මෙන්ම රූපණයේ ද ඇති නැවුම් බව මා සිත් ගනී.

    නිරන්තරයෙන් ලියා අපගේ සිත් සතන් ද පුබුදුවන්නට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

    හකාවති

    ReplyDelete
  2. @හකාවතී ස්තුතියි!!!! ඔබෙ වචන මට ලොකු ශක්තියක්

    ReplyDelete
  3. I can see that you have a real potential to become a song lyrics writer.
    KK

    ReplyDelete
  4. @ කතන්දර කාරයා OH Really... Thank You So Much..

    ReplyDelete
  5. ඔහ් මෙරේ ජාන්. what a nice poem. මමත් කැමති මේ වගේ ඒවට. අපි මේක සිංදුවක් කරමුද? චාමර වීරසිංහගේ Voice එකට කියපු පද පෙල .

    ReplyDelete
  6. @Geeth ඔහ් මෙරේ ජාන් කිව්වේ මටද ? හෙ හේ.. ඔව් ඔව් ටිකක් ඉස්සරහට අපි එකතුවෙලා සිංදුවක් කරමු. ස්තුතියි!!!

    ReplyDelete
  7. ශාඃ
    මේකනම් පට්ට
    මමත් ඔහොම එකක් "හිත අද්දර රදවා ගතිමි......"

    ReplyDelete
  8. @මනුශාන් ඔව් ඔව් අපි හැමෝටම හිත අද්දර රදවා ගත්ත දෙයක් තියනවා
    ස්තුතියි!!!

    ReplyDelete