
පහනකි ඔබ මට
සිතුවිලි එළිකල
නුඹ ලඟ මා නතර වුනි...
කදුලක මතකය
දුරකට විසි කර
සැනසුම ගෙන
සිත පතිත වුනි....
මොහොතින් මොහොතම
මා සිත නතුකර
සිතුවිලි තුල
නුඹ ලැගුම් ගනී...
පබලු

හීන ගෙත්තම් කරමි
නුඹේ මුව පිරිමදිමි
විමන් දොර බිද හරිමි
නුඹේ ලග මම සරමි...
මහද විල මල් පිරුනි
නුඹට පුද දෙමි බැතිනි
නොදුටු සුර පුර මවමි
නුඹ වෙතම මම බැදෙමි...
සුනිල් විල දිය පිරුනි
සිතුම් දලු ලා වැඩුනි
අනන්තය දුර නොවුනි
නුඹේ ලග මම රැදුනි...
පබලු