30.1.13

ගත වැකී ගිය සුලඟ නුඹ වැනි


සිනහවකි නුඹ මගේ මුවග රැදි
ස්නේහයයි නුඹ මගේ සිතම බැදි
ලං වෙමින් ළඟ ළඟම නිති 
ගත වැකී ගිය සුලඟ නුඹ වැනි

සඳ සිසිල නුඹ මැදියමේ විදි
පිණි බිඳයි නුඹ සිත් මලේ රැදි
ළංවෙමින් මගේ සිහිනවල නිති
රළ පෙලයි නුඹ වෙරළ සිඹ ඇදි

මල් මිටයි නුඹ සුවද ගෙන පිපි
තුරු හිසයි මම නුඹට පෙම් බැදි
බට ගසකි නුඹ සුළඟටත් නැමි
නුඹ එක්ක දුර යන්න මට බැරි

පබලු

8 comments:

  1. සිහිනයකි නුඹ මගේ නෙතු රැදී
    ප්‍රේමයකි නුඹ මගෙ ගත වෙලී
    සැනසුමකි නුඹ ම‘සිතට දිරිය දී
    ආලයකි හැමදාම නුඹ දෑත මා බැදී

    ගුටි කන්න නොලැබේවා.. !!! :-D

    ReplyDelete
  2. මුවග රැදෙනා නුඹේ සිනහව
    මල්මිටක් සේ ඉමිහිරිය මට
    නොදන්නෙමි සිනහවක් තරමට
    මගේ සෙනෙහස මිහිරි වන බව

    ගත වැකෙන සැම සුළං රොදකම
    නුඹේ සෙනෙහස තැවරිලා ඇත
    සදේ සිසිලස පිනි බිදක් ලෙස
    මගෙ සුසුම්වල දැවටිලා ඇත

    මගේ හැම සිහිනයක ඉහිරෙන
    තුරුහිසක් නම් නුඹ සුවද දෙන
    බට ගසක් සේ දිස් වුණත් මම
    ඇයිද යන්නට නොහැකි ඒ දුර..?

    ReplyDelete
    Replies
    1. මේ කවිය ඔයාගේ කවියෙ ලින්ක් එකත් සමග මගෙ බ්ලොග් එකේ දැමුවට කමක් නැද්ද අක්කේ?

      Delete
    2. හයියෝ,,, කමක් නැ නගේ,,,

      Delete
  3. Lassana gelapumak Pabalu ,ethakota kageda oya batagahak wage hitha

    ReplyDelete
  4. Lassana nirmanayak pabalu

    ReplyDelete