22.9.12

නෙත් තදින් පියාගමි..




ඇවිද යමි මම දුරින් දුරට
නුඹ නොපෙනෙනා මානයේ නවතිමි.........
අකීකරු සීතල සුළං රැළි
ගත වැකී රිදවා දුරට යති
දුරම නවතිමි නො එමි යළි
හිත රිදවා ගනිමි තවත්...............

අන්ධකාර රෑ පුරාම 
තරුත් නෑ තනි නොතනියට
තවත් හිත රිදවගමි...............
නෙත් තදින් පියාගමි..................
නුඹ නො එනු මවෙත  නම් 
මම තවත් දුරට යමි......

නුඹම සතු  නොවුනමුත්
සිතින් ඈ අයිතිකර......................
අසම්මත පෙම්කවක අකීකරු අකුරකින්
තවත් හිත රිදවමින්
නුඹ නො එන් කෙදිනවත් 
මම තවත් දුරට යමි..................

පබලු

13 comments:

  1. හ්ම්ම්........අනේ මන්ද..ලස්සනයි....... :)

    ReplyDelete
  2. ගත වැදී යන
    සීතල පවන්රැලි..
    තවත් එක් මේඝදූතයක්
    ලෙසම යටි සිත ඉල්ලයිද??

    අන්ධකාර අහස යට
    තරු නැති පාලුවේ
    හිත රිදව ගන්නේ
    නොඑන්න යැයි කීවට
    නිහඬ ඇරයුමකින්ද??

    රිදවා ගන්නේ..
    කුමන හිතදැයි
    සුළං රැලි පහව ගිය
    හිස් අහසෙන්
    අසා දැනගන්න...

    සිත හරිම කපටියි...

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි..සත්තකින්ම හිත හරිම කපටියි..

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. හප්පා.. කාලෙකින්..... අපූරුයි....

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා අයියා...

      Delete
  5. පරිස්සමෙන්... ගොඩක්ම දුර ගියාම හොයාගෙන ආවත් හොයාගන්න බැරිවෙයි....

    ReplyDelete
    Replies
    1. එහෙමයි යාලු...මම හිතන්නේ ගොඩක් දුර කිව්වට අතේ දුරින් වෙන්ටැ..ස්තුතියි අදහසට

      Delete
  6. කාලෙකින් පබලුට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ...
    ලස්සනයි....

    ReplyDelete